කුසල් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි
කුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ට පිතිහරඹය (153 ) හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද ( 16 ) සමත් විය. ඒ අනුව තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 1-0 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.
ලකුණු 304 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.
ලකුණු 304 න් ලකුණු 153ක්ම රැස්කළ කුසල් ජනිත් පෙරේරා කලකට පසු ශ්‍රී ලංකා කන්ඩායමට ටෙස්ට් ජයක් ගෙන ඒමට අවශ්‍ය සම්පූර්ණ අඩිතාලම ලබා දුන්නේය.
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය කුසල් ජනිත් පෙරේරා පන්දු 200 කදී හයේ පහර 5 ක් හා හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 153 ක් රැස් කිරීමට සමත් විය . ශ්‍රී ලංකා පිලේ එකාපිට එකා දැවී යද්දී කුසල් ජනිත් පෙරේරා සමගින් අනෙත් අන්තය ආරක්ෂා කරගෙන සිටි විශ්ව ප්‍රනාන්දු පන්දු 27 කදී ලකුණු6 ක් ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 221 ක්
ලකුණු 304 ක ජයග්රාහි ඉලක්කය හඹා යමින් සිටින සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි දිනය වන අද ( 15 ) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී ලකුණු 83 ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකාව කඩුලු 7 ක් ඇතැතිව දකුණු අප්‍රිකාවට වඩා තවත් ලකුණු 221 ක් පිටු පසින් පසුවෙයි.
ඕෂධ ප්‍රනාන්දු ( නොදැවී 28 ) හා කුසල් ජනිත් පෙරේරා ( නොදැවී 12 ) ලබා කඩුල්ලේ රැදී සිටියහ.
කලකට පසු ටෙස්ට් ජයක් සොයා ඇදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙය අවස්ථාවක් බවට පත්ව ඇත. කේසේ වෙතත් ඕෂධ ප්‍රනාන්දු හා කුසල් ජනිත් පෙරේරාට හෙට දිනයේදී විශාල කාර්යභාරයක් පැවැරෙන බව නොවුනුමානය. අවම වශයෙන් දෙදෙනා අතර හෙට දිනයේදී ලකුණු 100 ක සබඳතාවයක් ගොඩ නැගෙන්නේ නම්, තරගයේ ජග්‍රහණය පිළිබඳව යම් බලාපොරොත්තුවක් තබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට පවති.
ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි දිමුත් කරුණාරත්න හා ළහිරු තිරිමාන්න සාර්ථක ආරම්බයක් ලබා ගත්තද, එයට හරස් වූ කගීසෝ රබාඩා ලකුණු 21 ක් ලබාසිටි ළහිරු තිරිමාන්න පිටියෙන් ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු බිද වැටීම ආරම්භ විය. ළහිරු තිරිමාන්නගේ දැවී යාමත් සමගම නායක දිමුත් කරුණාරත්නද ඊලග පන්දුවාරයේදී ෆිලැන්ඩර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කැරීමේ වරදට හසුවීම නිසා පිටියෙන් ඉවත් වීමට සිදුවිය. එවිට දිමුත් කරුණාරත්නගේ ඉනිමට එක්ව තිබුනේ ලකුණු 20 ක් පමණි.
නැවතත් දුර්වල පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස්ට සිය දෙවැනි ඉනිමේදී ලකුණු නොලබාම ක්‍රීඩාගාරය වෙත පියමන් කිරීමට සිදුවිය. එවිට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව සටහන් වූයේ, කඩුලු 3 කට ලකුණු 52 ලෙසිනි.
ඉන් අනතුරුව පිටියට පිවිසි ඕෂධ ප්‍රනාන්දු හා කුසල් ජනිත් පෙරේරා එක්ව සිව්වන කඩුල් වෙනුවෙන් නොබිදුණු ලකුණු 31 ක සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ලබා දුන්නහ.
තම මංගල ටෙස්ට් වරම් දිනාගනු ලැබූ ලසිත් ඇඹුල්දෙණිය හා විශ්ව ප්‍රනාන්දුගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම ලකුණු 259 කට සීමාවිය.
ලකුණු 95 ක් තුළදී කඩුලු 4 ක් අහිමිකරගෙන සිටි දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම නැවතත් ඉහළට ඔසවා තැබූ නායක ෆෆ් ඩුප්ලෙසි හා කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි කොක් එක්ව 5 වන කඩුල්ල සඳහා ලකුණු 96 ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගූහ. ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ කෙලින්ම කඩුල්ල මුව කිරීමේ වරදට හසුවූ ක්වින්ටින් ඩි කොක් දැවී යනවිට පන්දු 62 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 55 ක් රැස් කරගෙන සිටියේය.
නායකත්ව ඉනිමක් ක්‍රීඩාකළ ෆෆ් ඩු ප්ලෙසිස් සිය ශතකය පෙනි පෙනී සිටියදී විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 182 කදී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 90 කි. දැවී යනවිට ඔහුගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත් විය.
තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩාකරමින් සිටින ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 66 කට කඩුලු 5 ක් බිඳ හෙලීමට සමත් විය. ඔහුට මනා සහයක් ලබාදුන් විශ්ව ප්‍රනාන්දු ලකුණු 71 කට කඩුලු 4 ක් බිඳ හෙලීය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ( තෙවැනි දිනට තරගය නතර කරන විට ) - පන්දුවාර 28 කදී කඩුලු 3 කට ලකුණු 83
( දිමුත් කරුණාරත්න 20, ළහිරු තිරිමාන්න 21, ඕෂධ ප්‍රනාන්දු නොදැවී 28, කුසල් ජනිත් පෙරේරා නොදැවී 12 )
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - පන්දුවාර 79.1 කදී සියලු දෙනා දැවී ලකුණු 259
( ඩින් එල්ගාර් 35, ඒඩ්න් මාක්රම් 28, ෆෆ් ඩු ප්ලෙසිස් 90 , ක්වින්ටින් ඩි කොක් 55, ලසිත් ඇඹුල්දෙණිය 66/5, විශ්ව ප්‍රනාන්දු 71/4 )
ශ්‍රී ලංකා පළමු ඉනිම - පන්දුවාර 59.2 කදී සියලු දෙනා දැවී ලකුණු 191
( දිමුත් කරුණාරත්න 30, ඕෂධ ප්‍රනාන්දු 19, කුසල් ජනිත් පෙරේරා 51, ධනංජය ද සිල්වා 23, ලසිත් ඇඹුල්දෙණිය 23, ඩේල් ස්ටේන් 48/4, වර්නන් ෆිලැන්ඩර් 32/2, කගීසෝ රබාඩා 48/2 )
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - පන්දුවාර 59.4 සියලු දෙනා දැවී ලකුණු 235
( ටෙම්බා බවුමා 47, ෆෆ් ඩුප්ලෙසි 35, ක්වින්ටින් ඩි කොක් 80 , කේෂාව් මහරාජ් 29, ඩේල් ස්ටේන් 15, විශ්ව ප්‍රනාන්දු 62/4, කසුන් රාජිත 68/3 )
ඩු ප්ලෙසිස් හා ඩි කොක් දකුණු අප්‍රිකානු ඉනිම ඔසවා තබති
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කර මින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම තෙවැනි දිනය වන අද ( 15 ) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 227 ක් රැස්කර ගෙන සිටියේය.
නාවක ෆෆ් ඩු ප්ලෙසිස් ( නොදැවී ලකුණු 72 ) හා වර්නන් ෆිලැන්ඩර් ( නොදැවී ලකුණු 12 ) රැස් කරමින් කඩුල්ලේ රැදී සිටියහ.
ලකුණු 95 ක් තුළදී කඩුලු 4 ක් අහිමිකරගෙන සිටි දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම නැවතත් ඉහළට ඔසවා තැබූ නායක ෆෆ් ඩුප්ලෙසි හා කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි කොක් එක්ව 5 වන කඩුල්ල සඳහා ලකුණු 96 ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගූහ. ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ කෙලින්ම කඩුල්ල මුව කිරීමේ වරදට හසුවූ ක්වින්ටින් ඩි කොක් දැවී යනවිට පන්දු 62 කදී හතරේ ප හර 6 ක් සමගින් ලකුණු 55 ක් රැස් කරගෙන සිටියේය.
නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 139 කදී හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු72 ක් ලබා පන්දුවට පහර දෙමින් සිටින්නේය.
තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 51 කට කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත් විය. ඔහුට මනා සහයක් ලබාදුන් කසුන් රාජිත හා විශ්ව ප්‍රනාන්දු අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - ( තෙවැනි දින දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ) - පන්දුවාර 63 කදී කඩුලු 5 කට ලකුණු 227
( ඩින් එල්ගාර් 35, ඒඩ්න් මාක්රම් 28, ෆෆ් ඩු ප්ලෙසිස් නොදැවී 72, ක්වින්ටින් ඩි කොක් 55, ලසිත් ඇඹුල්දෙණිය 51/3 )
ශ්‍රී ලංකා පළමු ඉනිම - පන්දුවාර 59.2 කදී සියලු දෙනා දැවී ලකුණු 191
( දිමුත් කරුණාරත්න 30, ඕෂධ ප්‍රනාන්දු 19, කුසල් ජනිත් පෙරේරා 51, ධනංජය ද සිල්වා 23, ලසිත් ඇඹුල්දෙණිය 23, ඩේල් ස්ටේන් 48/4, වර්නන් ෆිලැන්ඩර් 32/2, කගීසෝ රබාඩා 48/2 )
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - පන්දුවාර 59.4 සියලු දෙනා දැවී ලකුණු 235
( ටෙම්බා බවුමා 47, ෆෆ් ඩුප්ලෙසි 35, ක්වින්ටින් ඩි කොක් 80 , කේෂාව් මහරාජ් 29, ඩේල් ස්ටේන් 15, විශ්ව ප්‍රනාන්දු 62/4, කසුන් රාජිත 68/3 )
සනාගේ චරිතාපදානය ඉන්දියාවේ එළිදැක්වේ
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පිළිබඳව චරිතාපදානයක් ඉන්දීය රූප ප්‍රකාශකයන් විසින් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 191 කට සීමා වෙයි
දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ඩර්බන්හිදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී සිය පලමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 191 ක් පමණි. ඒ අනුව හ්‍රී ලංකාව දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 44ක් පිටු පසින් පසුවෙයි.
9 වැනි කඩුල්ල සඳහා එක් වූ කසුන් රාජිත හා ලසිත් ඇඹුල්දෙණියගේ ලකුණු 32 හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 150 ට පමණ සීමා වීමට ඉඩ තිබිණ.
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 6 කට ලකුණු 133 ක් රැස්කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට තේ පානය සඳහා නතර කරන විට සිය පළමු ඉනිමට තවත් එක්කරගතහැකි වූයේ ලකුණු 58 ක් පමණි.
9 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණිය පන්දු 63 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 24 ක් රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පක්වූ කුසල් ජනිත් පෙරේරා, ඩේල් ස්ටේන්ගේ පන්දුවක් හමුවේ දැවී යනවිට පන්දු 63 කදී හයේ පහරක් හා හතරේ පහර 7 ක් සමගින් ලකුණු 51 ක් රැස් කරගෙන සිටියේය.
තරගයේ පළමු දිනය වූ ඊයේ (13 ) සවස ආලෝක තත්වය අඩුවීම හේතුවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 49 ක් ලබා සිටියේය. ළහිරු තිරිමාන්න ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වීමත්, ඕෂධ ප්‍රනාන්දු ලකුණු 19කට දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ වූහ.
ආරම්භක පිතිකරු මෙන්ම නායක දිමුත් කරුණාරත්නටද සිය පළමු ඉනිමේදී රැස්කර ගතහැකි වූයේ පන්දු 59 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 30 ක් පමණි.
පන්දු යැවීමේදී ඩේල් ස්ටේන් ලකුණු 48 කට කඩුලු 4 ක් හා වර්නන් ෆිලෙන්ඩර් හා කගීසෝ රබාඩා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.
ශ්‍රී ලංකා පළමු ඉනිම - පන්දුවාර 59.2 කදී සියලු දෙනා දැවී ලකුණු 191
( දිමුත් කරුණාරත්න 30, ඕෂධ ප්‍රනාන්දු 19, කුසල් ජනිත් පෙරේරා 51, ධනංජය ද සිල්වා 23, ලසිත් ඇඹුල්දෙණිය 23, ඩේල් ස්ටේන් 48/4, වර්නන් ෆිලැන්ඩර් 32/2, කගීසෝ රබාඩා 48/2 )
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - පන්දුවාර 59.4 සියලු දෙනා දැවී ලකුණු 235
( ටෙම්බා බවුමා 47, ෆෆ් ඩුප්ලෙසි 35, ක්වින්ටින් ඩි කොක් 80 , කේෂාව් මහරාජ් 29, ඩේල් ස්ටේන් 15, විශ්ව ප්‍රනාන්දු 62/4, කසුන් රාජිත 68/3 )
පරාජය නිසා සංවේදී වූ ඡායාරූප ශිල්පියා
ක්‍රීඩාවට දක්වන ආදරය නිසාම සමහරුන්ට එහි ජය පරාජය දරා ගැනීමට නොහැකි තරම් කාරණයක් බවට පත්ව තිබේ. මෙවැනි සිදුවීම් මේ ක්‍රීඩා ලෝකයේ අපිට නොයෙකුත් තැන්වල, නොයෙකුත් ආකාරයෙන් දැක ගැනීමට හැකි වී තිබේ. එවැනිම සිදුවීමක් පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී වාර්තා විය.
මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේදී කණ්ඩායම් අතර පවතින දැඩි තරගකාරීත්වය නිසාම මෙන්ම සුළු හෝ අත්වැරදීමක් වුවද කණ්ඩායමකට තරගාවලිය හැර යාමට තරම් ප්‍රධාන හේතුවක් විය හැකිය.
කටාර් රාජ්‍ය හා ඉරාකය අතර පැවැති අර්ධ අවසන් පූර්ව වටයේදී සිදුවූ සිද්ධියක් හේතුවෙන් සංවේදී ජායාරූප කිහිපයක් අත්තර් ජාලය හරහා මේ දිනවල ප්‍රචාරය වෙමින් පවති. මෙම සිද්ධිය තුළ ඉස්මතුව පෙනෙන්නේ අර්ධ අවසන් පූර්ව වටයේදී කටාර් රාජ්‍ය හරහා පරාජයට වීමට සිදුවූ ඉරාකයේ නිල ජායාරූප ශිල්පියෙකුගේ සංවේදී ජායාරූප රැසක්ය.
ජායාරූප ශිල්පියෙකුගේ වටිනාකම , ඒ සංවේදී භාවය තවත් ජායාරූප ශිල්පියෙකුගේ ඇසවෙත නතුකර ගැනීමද විශිෂ්ටත්වයකි.
ඉරානය ගෝල 3-0 කින් පරාජය කරනු ලැබූ ජපානය ඊයේ ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුකම් ලබා ගැනීමටද සමත් විය. අද එක්සත් අරාබි එමීර් රාජය හා කටාර් රාජ්‍ය අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිතය.
ක්‍රිෂාන්ත වෙනුවෙන් ඈෂ්ලි ව්‍යාජ ලේඛණ දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට තරග වදින ක්‍රිෂාන්ත කපුවත්ත නමැත්තා වෙනුවෙන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ඇතැයි වාර්තා කර සිටී.
හතුරු, වාර්තාවකට ඩොලර් 60,000ක් ඉල්ලලා!
ජාතික ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් වාර්ෂිකව සකස් කරන දත්ත සහ ඇගැයුම් වාර්තාව 2018 වසර සඳහා සකස් කිරීම වෙනුවෙන් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඇමෙරිකානු ඩොලර් 60,000ක් අය කරගෙන ඇතැයි cricketage.in වෙබ්අඩවිය වාර්තා කර සිටී.
අහෝ ! ක්‍රිකට් මෙච්චර සිල්ලරද?
අල්ලස, දූෂණය, වංචාව, තරග පාවාදීම්, නිලවරණය ආදිය මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳී පවතින්නේ ක්‍රිකට් පිත්ත සහ පන්දුව අතර ඇති සම්බන්ධතාවයටත් වඩා බොහෝ සෙයින් සමීප මට්ටමක බව බැලූ බැල්මට පෙනේ.
වෝන් - මුරලි සටන හෙටින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත වෝන් - මුරලි තරගාවලිය හෙට (24 ) බ්‍රිස්බෙන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රෙලියාව අතර මංගල ටෙස්ට් තරගය 1983 වසරේදී පවත්වා ඇති අතර ආරම්භක තරගයෙන්ම ඕස්ට්‍රේලියා කණ්ඩායම ඉනිමක සහ ලකුණු 38 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට සමත්ව තිබේ. මේ වන විට දෙරට අතර පවත්ව ඇති ටෙස්ට් තරග 29 න් තරග 17 කම ජය ඕස්ට්‍රේලියාව සතු වෙද්දි, ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකිවී ඇත්තේ තරග 4 ක් පමණි. තරග 8 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
කණ්ඩායම් දෙකෙහි වර්තමාන තත්වය
කලක සිට ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායමක් ලෙස වැජඹුණු ඕස්ට්‍රේලියා කණ්ඩායමට පසුගිය වසරක පමණ කාලයක සිට ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශාල ලෙස පසු බැමකට ලක්වීමට සිදු වූයේ දිගින් දිගටම ලැබූ පරාජයන් හේතුවෙනි. ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමද 2016 වසරේ සිට දිගින් දිගටම පරාජයන් රැල්ලකට හසු වූ කණ්ඩායමකි. කණ්ඩායම් ද්විත්වයම අවසන් වරට සහභාගී වූ ටෙස්ට් තරගාවලි පරාජයට පත් වී ඇති අතර, ජයග්‍රහණයක පහස විදිමේ අරමුණින් කණ්ඩායම් ද්විත්වයම මෙම තරගාවලියට අවතීර්ණ වන බව කාගේත් අදහස බවට පත්ව තිබේ.
සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති අවසන් ටෙස්ට් තරගාවලිය තරග 2-1 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වීමත් සමග ඕස්ට්‍රේලියා කණ්ඩායම විශාල ලෙස පසු බැමකට ලක්විය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව සමගින් තරගාවලියට සහභාගි වනුයේද තරමක දෙගිඩියාවකින් යුතුවය. නමුත් ශ්‍රී ලංකාවද අවසන් වරට සහභාගී වූ නවසීලන්ත ටෙස්ට් තරගාවලියද 1-0 කින් පරාජයට විමට සිදුවිය. වර්තමාන ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු101 ක් සමගින් 5 වැනි ස්ථානයේ රැදී සිටියි. ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ මෙම සටහනේ 6 වැනි ස්ථානයයි.
කණ්ඩායම් දෙකෙහි ප්‍රබල තුරුම්පු
පිතිකරණ අංශය දෙස බැලීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම සතු එකම ප්‍රබල තුරුම්පුව දිමුත් කරුණාරත්නය. 2018 වසරේ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ ‘ 2018 වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම “ සඳහා තේරීපත් වූ එකම ශ්‍රී ලාංකාක පිතිකරුවා බවට පත්වූයේ දිමුත් කරුණාරත්න පමණි. ඒ අනුව දිමුත් කරුණාරත්න මෙම ටෙස්ට් තරගාවලිය තුළදීද තමන්ගේ සුපුරුදු රිද්මය පවත්වා ගනිමින් දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි බලාපොරොතුවක් තබා ගැනීමට හැකියාව පවති. ටෙස්ට් තරග 56 කට ක්‍රීඩාකර ඇති දිමුත් කරුණාරත්න 37.08 ක සාමාන්‍යක් රඳවා ගනිමින් ලකුණු 3894 ක් රැස් කිරීමට සමත්ව ඇත. එයට ටෙස්ට් ශතක 8 ක් සහ අර්ධ ශතක 21 ක් ඇතුළත්ව ඇත. නමුත් දිමුත් කරුණාරත්න ඕස්ට්‍රේලියාව සමගින් ක්‍රීඩාකළ තරග 6 දීම රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 181 ක් පමණි.
2018 වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභින්ගේ සටහනේ දෙවැනි තැනට පත්වූ කුසල් මෙන්ඩිස් පසුගියදා නිමා වූ නවසීලන්ත ටෙස්ට් තරගාවලියේදී ශතකයක් පවා රැස් කිරීමට සමත් විය. එහෙත් පවතින ගැටලුව කුසල් මෙන්ඩිස් පසුගිය තරගාවලි කිහිපය තුළදීම ඔහුගේ රිද්මයට ලගා වීමට අපොහොසත් වීමය. නමුත් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ කුසල් මෙන්ඩිස් යනු තරගයේ ස්වභාවය අනුව ඕනෑම අවස්ථාවක සුපුරුදු රිදිමයට පැමිණීමට හැකියාක් සහිත ක්රීඩකවෙකු බවටය. මේ වනවිට ටෙස්ට් තරග 34 කට ක්‍රීඩාකර ඇති කුසල් මෙන්ඩිස් එහිදී රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 2464 කි. එයට ශතක 6 ක් හා අර්ධ ශතක 8 ක් ඇතුළත්ව ඇත.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ විශ්වාසයක් තැබිය හැකි පිතිකරුවෙකු ලෙස උස්මාන් කවාජා ඇදින්විය හැකිය. ඉන්දියාව සමගින් පැවැති ටෙස්ට් තරගාවලියේදී ලකුණු අතර සිටි එකම ආරම්භක පිතිකරුවා බවට පත් වූ ඔහු ටෙස්ට් තරග 39 කදී පිතිකරණ සාමන්‍ය 42.11 ක සාමාන්‍යක් රඳවා ගනිමින් ලකුණු 2653 ක් රැස් කිරීමට සමත්ව ඇත. එහිදී ඔහු ටෙස්ට් ශතක 7 ක් සහ අර්ධ ශතක 14 ක් ලබා ගැනීමට සමත්ව ඇත.
පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද යමක් කළහැකි පැට් කමින්ග්ස් ඕස්ට්‍රේලියා සංචිතයේ ප්‍රබල තුරුම්පුවක් බවට පත්ව ඇත. තුන් ඉරියව් ක්රීඩිකයෙකුගේ භූමිකාව රඟ දකවමින් අවශ්‍ය මොහොතේදී කණ්ඩායමට ලකුණු රැස් කිරීමටත් පන්දුවෙන් යමක් කිරීමටත් හැකි ක්‍රීඩිකයෙකු ලෙස පැට් කමින්ග්ස් පෙන්වා දීමට හැකිය.
පන්දු යවන්නන් දෙස අවධානය යොමු කිරමෙදී ළහිරු කුමාර යම් වෙනසක් කිරීමට බොහෝ සෙයින් ඉඩ තිබේ. 148 ක පමන වේගයකින් යුතුව පන්දුව මුදාහිරිමේ ශක්තියක් සහිත ළහිරු කුමාර තර්ජනාත්මක අයුරින් පන්දු යවන්නෙකු බව විචාරකයන් පවසා සිටිති. මේ තත්වය මත ඔහු ඕස්ට්‍රේලියා තණතීරුවේ යම් වෙනසක් කරනු ඇතැයි සිතිය හැකිය. ටෙස්ට් තරග 14 කට ක්‍රීඩාකර ඇති ළහිරු කුමාර කඩුලු 49 ක් දව ගැනීමට සමත්ව තිබේ.
ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි අභියෝගයකට ලක් වීමට සිදු වනුයේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක නේතන් ලයන්ගේ පන්දුව ඔස්සේය. ටෙස්ට් ක්‍රිකට් පිටියේ පෙරළියක් කරමින් සුපුරුදු දක්ෂතා අතර රැදී සිටින ක්‍රීඩකයෙකු ලෙස නේතන් ලයන් පෙන්වා දීමට හැකිය. ජාත්‍යන්තර ටෙස්ට් තරග 89 කට ක්‍රීඩාකර ඇති ඔහු එහිදී දාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 339 කි.
බ්‍රිස්බෙන් ක්‍රීඩාංගණයේ තත්වය
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට ( 24 ) බ්‍රිස්බෙන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ දිවා/ රාත්‍රි තරගයක් ලෙසිනි. මෙය ප්‍රේක්ෂකයන් 37 000 කට පමණ අසුන් ගැනීමට හැකි පහසුකම් සහිත ක්‍රීඩාංගණයක් වන අතර පළමු ටෙස්ට් තරගය 1931 වසරේ දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව අතර පවත්වා තිබේ. අවසන් වරට ටෙස්ට් තරගයක් මෙහි පවත්වා ඇත්තේ 2017 වසරේ නොවැම්බර් 27 වැනිදාය.
මෙම ක්‍රීඩාංගණයේ විශේෂත්වය වන්නේ පවත්වා ඇති ටෙස්ට් තරග 60 න් 38 ක්ම ඕස්ට්‍රෙලියාව ජයග්‍රහණය කර තිබීමය. තරග 13 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර තරග 8 ක් පරාජයට පත් වීඇත.
බ්‍රිස්බෙන් ක්‍රිඩාංගණයේ ශතකයක් වාර්තා කිරීමට සමත්ව ඇති එකම ශ්‍රී ලාංකික පිතිකරුවා අරවින්ද සිල්වා පමණි. ඔහු 1989 වසරේදි ඕස්ට්‍රේලියාවට එරෙහිව ගැබා ක්‍රීඩාංගනයේදී ලකුණු 167 ක් රැස් කිරීමට සමත් විය.
දිවා / රාත්‍රි තරග ජයග්‍රහණ
පළමු දිවා/රාත්‍රි ටෙස්ට් තරගය මීට වසර 4 කට පෙර එනම් 2015 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර ඇඩිලෙයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. මංගල දිවා රාත්‍රි ටෙස්ට් තරගයේදී මෙන්ම ඕස්ට්‍රේලියාව මෙතෙක් සහභාගී වූ දිවා රාත්‍රි තරග 4 ම ජය ගෙන තිබීම විශේෂ්තවයකි. ශ්‍රී ලංකාවද දිවා රාත්‍රි තරග දෙකකට ක්‍රීඩාකර ඇති අතර එම තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලකාවට හැකියාව ලැබී ඇත. මේ හේතුවෙන් කණ්ඩායම් දෙකම හෙට දිනයේදී තරගයට අවතීර්ණ වනුයේ එකී වාර්තාව එලෙසින්ම පවත්වා ගැනීමේ අරමුණින් යුතුවය.
මෙවර වොන් - මුරලි තරගාවලිය අහිමි වූවන්
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිවුස් හා නුවන් ප්‍රදීප් ආබාධයට ලක්වීම හේතුවෙන් මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මගහැරී ගිය අතර, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උප නායක ජෝෂ් හේසල්වුඩ්ද ආබාධයට ලක්වීම නිසා මෙවර තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව මගහැරී ගියේය.
එයට අමතරව දක්ෂතා අතර සිටියදී පන්දුව පළුදු කිරීමේ වරදට හසුවිම නිසා ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටිව් ස්මිත් හා උප නායක ඩේවිඩ් වෝනර් යන දෙපළට මෙවර වොන් - මුරලි කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවූහ. ක්‍රීඩාවේ පවතින ආචාර ධර්ම වලට භක්තියෙන් සලකන ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ඔවුන්ට පැවුරූ දඬුවම මෙම වසරේ මාර්තු දක්වා ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය.
පළමු ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකා කණ්ඩායම - දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, රොෂේන් සිල්වා, කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, කසුන් රාජිත, ලහිරු කුමාර.
ඕස්ට්‍රේලියා කණ්ඩායම - ටිම් පේන් (නායක), මාර්කස් හැරිස්, උස්මාන් කවාජා, කර්ටිස් පැටර්සන්, මැට් රෙන්ශෝ, ජෝ බර්න්ස්, පැට් කමින්ග්ස්, ට්‍රැවිස් හෙඩ්, නේතන් ලයන්, ජේ රිචඩ්සන්, මිචෙල් ස්ටාර්ක්,
ටෙස්ට් තරග කාලසටහන
පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය – ජනවාරි 24 – 28 – බ්‍රිස්බේන් හිදී (දිවා/රාත්‍රී) (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.30ට)
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය – පෙබරවාරි 1 සිට 5 දක්වා – කැන්බරා හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.00ට)
සටහන සමීර ගොඩපිටිය
වාර්තා රැසක් සමගින් හදවත් දිනූ තිසර
සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 21 ක අමිහිරි පරාජයක් හිමි වුවත්, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට මහත් ප්රයත්නයක් දැරූ තිසර පෙරේරා මෙම තරගයෙන් පසු නව තරග වාර්තා කිහිපයකට හිමිකම් කීමට සමත් විය.
මැදපෙළ පිතිකරුවන්ගේ දැඩි අසාර්ථකත්වය නැවත වතාවක් ශ්‍රී ලංකාවේ පරාජයට ප්‍රධාන හේතුව බවට දෙවැනි තරගයද සාක්ෂි දැරුවේය. ධනුෂ්ක ගුණතිලක සාර්ථක ආරම්භයක් ලබාගත් හෙයින් එක් අවස්ථාවක ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 2 කට 112 ක් ලෙසිනි. එහෙත් ලකුණු 125 කදී ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් 5 දෙනෙකුම නැවතත් ක්‍රීඩාගාරයේ අසුන් ගෙන අවසන්ය. තවත් ලකුනු 3 ක් යාමට මත්තෙන් ශ්‍රී ලංකා ඉනිමේ අසේල ගුණරත්න හා සීකුගේ ප්රසන්නද පිටියට ආ සැනින්ම නැවතත් ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූයේ ශ්‍රී ලංකාව පිල ලකුනු 150 කට පමණ සීමා කීරීමේ අදිටනින් යුතුවය. එහෙත් 7 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි තිසර පෙරේරා ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග සමගින් එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක් සබඳතාවයක් ගොඩ නගමින් නවසීලන්ත පන්දු යවන්නන්ට දැවැන්ත හයේ පහර මාලාවකින් සංග්‍රහ කිරීමට අමතක නොකළේය. පසුගිය තරගයේදී ජෙමී නීෂම් තිසර පෙරේරාගේ පන්දුවාරය හමුවේ හයේ පහර 5 ක් එල්ල කරමින් තිසර පෙරේරාගේ ක්‍රිකට් දිවියට කලු පැල්ලමක් කරන්න ට වූයේ තිසරට මුලු ක්‍රිකට් දිවියම එපා කරවමිනි. එහෙත් එය සිදු වී දවස් දෙකක් ගෙවෙන්නට මත්තෙන් එයට ප්‍රතිප්‍රහාරය එල්ල කරන්නට තිසර පෙරේරා සමත්වූ වූයේ සමස්ථ නවසීලන්ත පන්දු බල ඇණියට පහර පිට පහර එල්ල කරමිනි. මාලිංගගේ කඩුල්ලද දැවී යාමෙන් පසුව පිටියේ එක්වූයේ ලක්ෂාන් සඳකැන්ය. සදකැන්ද ඔහුගේ ඩියුටිය හරිහැටි කරමින් තම අන්තය ආරක්ෂා කරගනු ලැබුවේ, තිසර පෙරේරාට තවත් හයේ පහරවල් වැස්සකට ඉඩකඩ සලසා දෙමිනි.45 වැනි පන්දුවාරයේ හයේ පහර 4 කින් ටිම් සවුතිට සංග්‍රහ කළ තිසර පෙරේරා එම පන්දුවාරය තුලදී ලකුණු 24 ක් උදුරා ගැනීමට සමත් වූයේ, ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ බලාපොරොත්තුවක් ගෙන දෙමිනි. ඒ අනුව ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය පන්දු 24 කින් ලකුණු 26 ක් රැස් කිරීමටය. එහෙත් අවසානවකට මෙන් ශ්‍රී ලංකාව ඉතිරි වූයේ තවත් එක් කඩුල්ලක් පමණි. තිසර පෙරේරා සමගින් අනෙත් අන්තයේ රැදී සිටිනුයේ නුවන් ප්‍රදීප්ය. ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ හඳවත මදකට නතර කරන්නට විය. කාගේත් බලාපොරොත්තුව වූයේ තිසර ශ්‍රී ලංකාව දිනවනවාය යන හැගීමය. එහෙත් පහර පිට පහර එල්ල කරමින් දැවැන්ත හයේ පහරවල් ගැසූ තිසර මහන්සියෙන් හෙන්බත් වූවා පමනක් නොව තරගයේ පීඩනයද තවත් තවත් ත්රීර වන්නට විය. අවාසනාවකට මැතිවු හෙන්රි යැවූ ඊලග පන්දුවාරයේදීම ට්‍රේන්ට් බොල්ට් විශිෂ්ට උඩ පන්දුවක් රැක ගනිමින් තිසරගේ ඉනිම මෙන්ම ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ගමනද නවතා දැමුවේය. එහෙත් නවසීලන්තය තරගය දිනා ගත්තේය. එහෙත් දහසකගේ හදවත් දිනා ගැනීමට මෙම යකඩා මිනිසා සමත් වූයේ තරගය පරාජය වුවත් තරගයේ ඇත්තම වීරයා ඔහු යනුවෙන් සම්මානයටද ප්‍රාත්‍ර වෙමිනි.
තිසර පෙරේරාගේ ඉනිමත් සමග පිහිටු වූ නව වාර්තා
- අංක 7 පිතිකරුවා ලෙස පිටියට පිවිසෙමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස්කළ දෙවැනි ක්‍රීඩකයා බවට තිසර පෙරේරා ඊයේ (5) ඉතිහාසයට එක්විය. මීට පෙර අංක 7 පිතිකරුවා ලෙස පිටියට පිවිසෙමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව 1995 වර්ෂයේ ශතකයක් වාර්තා කිරීමට හෂාන් තිලකරත්න සමත් වී තිබේ.
- ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමකදී වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කල පිතිකරුවා බවට පත්වීමට තිසර පෙරේරාට හැකියාව ලැබින. ඔහුගේ ඉනිමට ( 140 ) හයේ පහරවල් 13 ක් ඇතුළත් විය. මීට පෙර මෙම වාර්ථාව 1996 වසරේදී පාකිස්ථානයට එරෙහිව පිහිටුවීමට සනත් ජයසූරිය සමත් වූයේ හයේ පහර 11 ක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි.
- අඩුම පන්දු සංඛ්‍යාවකින් ( පන්දු 57 ) එක්දින ශතකයක් වාර්ථා කරමින් තරගයක් පරාජයට පත් වූ ශතකය බවට මෙය ඉතිහාසයට එක්විය. මීට පෙර එනම්, 2018 වර්ෂයේ ස්කොට්ලන්තය සමගින් පැවැති තරගයේදී එංගලන්ත ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටොව් පන්දු 59 කින් ශතකය වාර්ථා කිරීමට සමත් වුවත් එම තරගය එංගලන්තය පරාජයට පත්විය.
- පන්දු 57 කින් ලබාගත් තිසරගේ එක්දින ශතකය ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ වේගවත්ම තෙවැනි ශතකය බවට ඉතිහාසයට එක්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම පන්දු සංඛ්‍යාවකින් ශතකයක් වාර්තා කිරීමට සමත්ව ඇත්තේ සනත් ජයසූරියයි. සනත් ජයසූරිය 1996 වසරේ පාකිස්තානයට එරෙහිව පන්දු 48 කින් සිය ශතකය සමුපූර්ණ කර ගනිමින් මෙම වාර්ථාවට හිමිකම් කීමට සමත් ඇති අතර, එය තවමත් බිද හෙලීමට ශ්‍රී ලංකා පිතිකරුවෙකු සමත් වී නොමැත. මෙහි දෙවැනි වේගවත්ම ශතකයට හිමිකම් කියන්නේද සනත් ජයසූරිය වීම විහේෂත්වයකි. ඔහු පන්දු 55 කින් බංග්ලාදේශයට එරෙහිව 2008 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම දෙවැනි ශතකය ලබා ගැනීමට සමත් විය.
- තිසර පෙරේරා ඊයේ ( 5) ලබාගත් ශතකය නවසීලන්තය වෙනුවෙන් ප්‍රතිවාදී පිතිකරුවෙකු අඩුම පන්දු සංඛ්‍යාවකින් ( පන්දු 57 ) රැස්කළ වේගවත්ම ශතකය බවටද ඉතිහාසයට එක්විය. මීට පෙර මෙම දක්ෂතාවය පෙන්නුම් කිරීමට ජොනී බෙයාර්ස්ටොව් සමත් වූයේ පන්දු 58 කින් සිය ශතකය සම්පූර්ණ කර ගනිමිනි .
- එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තම මංගල එක්දින ශතකය වාර්තා කිරීමට වැඩිම ඉනිම් සංඛ්‍යාවක් බලා සිටීමට සිදු වූ ක්‍රීඩකයන් අතර 7 වැනි පිතිකරුවා බවට තිසර පෙරේරා ඊයේ ලබාගත් ශතකයත් සමග ඉතිහාසයට එක්විය. ඔහුට මංගල ශතකය වාර්තා කිරීමට වැය වූ ඉනිම් සංඛ්‍යාව 113 කි. අර්ජුන රණතුංගට සිය පළමු එක්දින ශතකය වාර්තා කිරීමට ඉනිම් 144 ක් වැය වූ අතර ඔහු මෙම සටහනේ 5 වැනි ස්ථානයේ රැදී සිටියි. ඇන්ජලෝ මැතිවුස් සිය පළමු එක්දින ශතකය වාර්තා කරනු ලබන්නේ ඉනිම් 115 කට පසුවය. ඒ අනුව ඔහුද මෙම වර්ගීකරණයේ 6 වැනි තැන රැදී සිටියි. මෙහි පළමු ස්ථානයේ රැදී සිටිනුයේ දකුණු අප්‍රිකාවේ ෂොන් පොලොක්ය. ඔහුට මංගල එක්දින ශතකය වාර්තා කිරීමට ඉනිම් 189 ක් බලා සිටීමට සිදුවිය.
- අංක 7 පිතිකරුවා මෙන්ම පහළ කොටසේ පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසෙමින් එක්දින පිටියේ පිතිකරුවෙකු ලබාගත් තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව බවට මෙය ඉතිහාසයට එක්විය. මෙහි පෙරමුණේ රැදී සිටිනුයේ, නවසීලන්ත ක්‍රීඩක ලුක් රොන්චිය. ඔහු 2015 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී ලකුණු 170ක් රැස් කිරීමට සමත් වූ අතර ඔස්ට්‍රේලියාවේ මාකස් ස්ටොයිනිස් 2017 වර්ෂයේ නවසීලන්තයට එරෙහිව නොදැවී ලකුණු 146 ක් රැස් කිරීමට සමත් විය.
- පහළ අංශයේ පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසෙමින් ආසියානු ක්‍රීඩකයෙකු රැස්කළ වේගවත්ම ශතකය බවටද තිසර පෙරේරාගේ ඉනිම ඉතිහාසයට එක්විය. මීට පෙර මෙම දක්ෂතාවයට හිමිකම් කීමට ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි සමත් වූයේ, 2007 වර්ෂයේ ආසියානු කණ්ඩායම හා අප්‍රිකානු කන්ඩායම අතර පැවැති තරගයේදී නොදැවී ලකුණු 139 රැස කර ගනිමිනි.
- මෙය ශ්‍රී ලංකා පිතිකරුවෙකු නවසීලන්තයට එරෙහිව ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව සම කිරීමක් බවට පත් වූ අතර 1994 වසරේදී සනත් ජයසූරීය විසින් නවසීලන්තයට එරෙහිව ලකුණු 140 ක් ලබා ගැනීමට සමත් විය.
සටහන - සමීර ගොඩපිටිය
