Previous Next

දශක නවයක ලෝක කුසලාන මතකයන්...

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර පැවැත්වෙන්නේ 21 වැනි ලෝක කුසලානයයි. ගත වූ දශක නවයකට ආසන්න කාලය තුල ජය පරාජය, ශූරයෝ සහ අනු ශූරයෝ මෙන්ම සුවිශේෂි මතක සටහන් වලින්ද පිරි පවතී.

1930 -ආර්ජන්ටිනාව පරදා උරුගුවේ දිනයි

ආර්ජන්ටිනාව පරදා 2:4 වශයෙන් පළමුවැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගත්තේ උරුගුවේ රාජ්‍යයයි. ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ ලුසියන් ලෝරන්ට් 1930 වසරේ පැවති පළමු තරගාවලියේ මුල්ම ගෝලය වාර්තා කළ අතර ඒ නිසාම ලෝක ඉතිහාසයේ සිය නම සනිටුහන් කළේය.

1950 -බ්‍රසීලයේ ලොකුම පරාජය

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ‍ලොකුම අවුල සිදු වු වර්ෂය හැටියට ඉතිහාසගත වන්නේ 1950 අවුරුද්දයි. මේ තරගයේ සත්කාරක රට බ්‍රසීලය වු අතර, ජයග්‍රාහකයන් තෝරන අවසාන තරගයට ක්‍රීඩා කළේ සත්කාරක බ්‍රසීලය සහ උරුගුවේ රාජ්‍යයයි. තරගයේ අවසාන මිනිත්තු 10 දක්වාම දෙපිල 1-1 වශයෙන් ගෝල වාර්තාකර තිබු නමුත් සත්කාරක බ්‍රසීලය ගෝල් 2-1කින් පරාජය විය.

1958 -තරුවක උපත

1958 පාපන්දු කුසලානයේ අවසාන තරගය පැවැත්වුණේ බ්‍රසීලය සහ ස්වීඩනය අතරයි. පාපන්දු ලොව දැවැන්තයෙකු වන බ්‍රසීල ක්‍රීඩක පේලේ ගේ පළමුවැනි ලෝක කුසලාන තරගාවලිය එය වු අතර ස්වීඩනය පරාජය කිරීම සඳහා සුවිශාල දායකත්වයක් ලබා දීමට මෙහිදී පේලේ සමත් වුයේය. වයස අවුරුදු 16 දී
පේලේ ලෝක කුසලාන පාපන්දු අවසාන තරගයක ක්‍රීඩා කළ ළාබාලතම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්විය.

1966 - ගෝල ත්‍රිත්වයක්

ජර්මනිය සහ එංගලන්තය තරග කළ 1966 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුවිශේෂම සිදුවීම ජෙෆ් හර්ස්ට් විසින් පිට පිට ගෝල තුනක් වාර්තා කිරීමයි. මේ වන තුරු ඉතිහාසයේ අවසන් තරගයක පළමු සහ එකම ගෝල් ත්‍රිත්වය වාර්තාව එයයි.

1974 - ක්‍රයිෆ්ගේ දස්කම

නෙදර්ලන්ත පාපන්දු ක්‍රීඩක යොහාන් ක්‍රයිෆ් පාපන්දු ක්‍රීඩාවට නව ශිල්ප ක්‍රමයක් හඳුන්වා දුන් ඉතිහාසගත තරගය පැවැත්වුණේ 1974 දීය. ක්‍රයිෆ් හැරවුම යනුවෙන් අදටත් භාවිතයට ගැනෙන මේ ශිල්පක්‍රමය 1974 තරගයේදී ස්වීඩන් පිල අසරණ කළේය.

1986- දෙවියන් දුන් තෑග්ග

ආර්ජන්ටිනා පාපන්දු තාරකාව ඩියාගෝ මැරඩෝනා අර්ධ අවසන් පුර්ව වටයේ එංගලන්තය සමඟ පැවැති තරගයේදී දෙවියන්ගේ අතින් ගෝලය එල්ල කළේ මේ වසරේදීය. ආර්ජන්ටිනාව ඒ වසරේදී ලෝක කුසලානයට හිමිකම් කීවේය.

1990 - පාපන්දුවට ඔපෙරාව හමුවීම.

ඉතාලිය සත්කාරකත්වය දැරූ මේ තරගාවලියේදී ලුසියානෝ පැවරොටි නමැති ගායන ශිල්පියා විසින් ඉදිරිපත් කරනු ලැබු ශාස්ත්‍රීය ගායනයක් වන Nessum Dorma නමැති ගීතය නුතන පාපන්දු ක්‍රීඩාවේ තේමා ගීතයක් ලෙස සලකනු ලබයි.

2006 - රතු කාඩ්පතක් ලැබූ සිව්වැන්නා

ලෝක කුසලාන පාපන්දු අවසන් තරගයකදී රතු කාඩ්පතක් මඟින් පිටියෙන් ඉවත් කරන ලද හතරවැනි ක්‍රීඩකයා බවට පත් වු සිනෙඩින් සීඩැන් ප්‍රංශ කණ්ඩායමේ නායකත්වය දැරූ තැනැත්තා වු අතර එය ඔහුගේ අවසාන පාපන්දු තරගය විය. ප්‍රතිවාදී ඉතාලි ක්‍රීඩකයෙකුගේ පපුවට හිසෙන් පහරදීම ඔහු කළ වරදක් විය.

2014 - ජර්මානු ශූරයෝ

1930 දී පාපන්දු ‍‍ලෝක කුසලාන තරගයේ සත්කාරක රට වු උරුගුවේ රාජ්‍යය ගෝල 6 – 0 ක් ලෙස ලැබු වාර්තාගත පරාජය අභිබවමින් 2014 සත්කාරක බ්‍රසීලය ගෝල 7-1 ක් ලෙස ජර්මනියට පරාජය විය.

2018 - පෙරදිගින් බලාපොරොත්තුව

පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට රුසියාව මෙවර සත්කාරකත්වය දරන අතර ජර්මානු කණ්ඩායම පස්වැනි වතාවටත් කුසලානය තමන් සතු කරගනිමින් බ්‍රසීලයේ වාර්තාව සම කරනු ඇතැයි දැනටමත් මත පළ වී ඇත.

සිළුමිණ

MirrorGames.lk © 2020

Search