ජපන් යන්න සුදුසුකම් නැති අයකුට අමාත්‍යාංශයෙන්ම තල්ලුවක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් යැවීමට තෝරා ඇති විනිශ්චකරුවන් දෙදෙනාගෙන් එක් අයකු ඉවත්කර සුදුකම් අඩු ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා විද්‍යායතනයේ සේවය කරන නිලධාරිනියක් ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් කිහිප දෙනෙකු මේ දිනවල ප්‍රබල උත්සාහයක නිරතවන බව වාර්තා වේ.

පසුගිය දිනවල පැවැති විනිශ්චකාරිනියන් සඳහා වූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ තමන්ට ඉහළ ලකුණු ඇතැයි තර්ක කරන මෙම නිලධාරිනියට ජාත්‍යන්තර කෝ දේශීය මට්ටමේ ප්‍රධාන පෙළේ තරගාවලියක් විනිශ්චය කොට පළපුරුද්දක් නොමැති අතර ශ්‍රේණිගත කිරීම්වල ඇය සිටිනුයේ ද සී කොටසේ බව පැවසේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එහි කායවර්ධනාගාරයේ ව්‍යායාම කිරීමට පැමිණෙද්දී ඔවුන්ට සේවාව සැපයීම මෙම නිලධාරිනියගේ ප්‍රමුඛ කාර්යයක් බවද අමාත්‍යාංශ සේවකයෝ කියති.

mirror games.lk

 

MirrorGames.lk © 2019

Search