කුක්ට නයිට් පදවියක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇලස්ටයාර් කුක් හට නයිට් පදවියක් ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බව එරට ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබේ.

එළඹෙන වසර මුලදී ඔහුට අදාළ නයිට් පදවිය හිමිවනු ඇති බව වාර්තා වෙයි.

ඇලස්ටයාර් කුක් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා වන අතර ඔහු වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන්ගේ ශ්‍රේණිගතකිරීම් වල පස් වන ස්ථානය හිමිගෙන තිබේ.

මෙම වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ඇලස්ටයාර් කුක් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 161කදී ලකුණු 12,427ක් ලබාගෙන ඇති අතර නයිට් පදවියකින් පිදුම් ලබන දෙවන එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයා මොහු බව සඳහන්ය.

මීට පෙර 2007 වර්ෂයේ සර් ඉයන් බොතම් නයිට් නාමයකින් පිදුම් ලබා තිබේ.

MirrorGames.lk © 2019

Search