ලංකාව අසීරු අඩියක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රයිස්චර්ච් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයට තරගය නිමා කරන ලකුණු 660ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 231ක් රැස්කරගෙන අසීරු තත්ත්වයක පසුවෙයි.

ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට හෝ ශ්‍රී ලංකාවට හෙට දිනය පුරාම පන්දුවට පහරදීමට සිදුව ඇත.

තෙවැනි දිනයට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 24ක් රැස්කරගෙන සිටියේය.

කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් අද දිනයේදී මන්දගාමි ඉනිම් ක්‍රිඩා කරමින් තරගය ජය පරාජයෙන් තොරව හෝ අවසන් කර ගැනීමට උත්සාහ කරන අයුරු දක්කනට ලැබුණි.

කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස්ගේ දැවී යාමත් සමග එයද ගැටලුවකට වු අතර අනතුරුව ඇන්ජලෝ මැතිව්ස්ද නැවත වරක් කලවයේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්විය.

MirrorGames.lk © 2019

Search