ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩකයන් 15 කගේ සංචිතයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සංචාරක ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමගින් පැවැත්වෙන තෙදින ටෙස්ට් තරගයට හා තරග  3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට අදාල ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත  ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්  අද  ( 02)  නිල වශයෙන් ප්‍රකාශයට  පත් කළේය.

කණ්ඩායම මෙහෙයවීමේ වගකිම  නිපුන් ධනංජයට හිමි ඇති අතර,  පළමු එක්දින තරගය හෙට ( 3 ) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  දෙවැනි හා තෙවැනි තරග පිළිවෙලින් ජනවාරි 5 හා 7 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතය.

එක්දින තරගාවලියෙන් අනතුරුව ජනවාරි 10 වැනිදා  තෙදින ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා වයස 19 න් පහල සංචිතය -  නිපුන් ධනංජය ( නායක ), කමිල් මිෂාර , ගමගේ සොනාල් දිනූෂ, ආශියන් ඇන්ජලෝ ඩැනියෙල්, කේ. රොහාන් සංජීව, ප්‍රවීන් නිමේෂ් ද සිල්වා ,  අවිහ්ක තරිඳු,  දිලුම් සුධීර තිලකරත්න, කවිශ්ක ලක්ෂාන්, චමිදු පියුමාල් විජේසිංහ, තවීෂ අභිෂේක් කහඳුවාරච්චි, ඩිල්ෂාන් මදුසංක, නවොද් පරණවිතාන, මොහොමඩ් සමාස්, රවීන් ද සිල්වා

MirrorGames.lk © 2019

Search