තරගය ප්‍රමාද කළාට මාලිංග ඇතුළු පිලට ICCයෙන් දඩ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත පළමු එක්දින තරගයේදී නියමිත කාලයට වඩා වැඩි කාලයක් ගනිමින් පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ නියම කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පිලේ නායක ලසිත් මාලිංගගෙන් තරග ගාස්තුවෙන් සියයට විස්සක් වශයෙන් සහ සෙසු ක්‍රීඩකයින්ගෙන් සියයට දහයක දඩ මුදලක් අය කර ගැනීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් දැනුම් දීමක් සිදු කර තිබේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 45ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්තය සමත්ව තිබේ.

නවසීලන්තයේ මවුන්ට් මනුගායි පිටියේ පැවැති තරගයේ කාසියෙ වාසිය දිනාගත් නවසලීන්තනය මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 371ක් රැස්කළේය.

ලකුණු 372ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49කදී සියලු දෙවා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 326ක් පමණි.

MirrorGames.lk © 2019

Search