යොවුන් පිල ඔස්‌ට්‍රේලියාවට පරදියි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සංචාරක ඔස්‌ට්‍රේලියානු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගයේදී කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට ඔස්ටේ්‍රලියනු යොවුන් කණ්ඩායම සමත් විය.

ඒ අනුව නියමිත පන්දුවාර 50 තුළදි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 262ක් ලබා ගත් අතර පන්දුවාර 47.5කදී කඩුලු 3ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට ඔස්ටේ්‍රලියා පිතිකරුවෝ සමත් වූහ.

කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති අදාළ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් නායකයා ප්‍රථමයෙන් පිති ප්‍රහාරය දියත් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව සාර්ථක ආරම්භයක් කණ්ඩායමට ලබා දුන් නවෝද පරණවිතාන සහ කමිල් මිෂාර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 126ක සබඳතාවක් පැවත්වීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් වාර්තා කළ කමිල් මිෂාර පන්දු 157කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 123ක් වාර්තා කරන ලදී.

ඔස්‌ට්‍රේලියානු යොවුන් පිළ වෙනුවෙන් ශ්‍රී ලංකාවට දිගට හරහට ප්‍රහාර එල්ල කිරීමට සමත් වූ සෑම් ෆනින් පන්දු 94කදී හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 108ක් වාර්තා කිරීමට සමත් විය.

MirrorGames.lk © 2019

Search