අන්තර සමාජ කි‍්‍රකට් තරගාවලියේ සැරසන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී සී.සී.සී කණ්ඩායම නියෝජනය කරන මලින්ද පුෂ්පකුමාර නව වාර්තාවක් පිහිටුවමින් සැරසෙන් කණ්ඩායමේ කඩුලු 10කම ලකුණු 37 ක් තුළදී දවාලීමට ඊයේ ( 7) සමත් විය.
එය වාර්තා පොත් අතරට එක්වූයේ, මෙරට පළමු පෙල තරගයකදී සටහන් වූ හොඳම පන්දු යැවීම බවට පත්වෙමිනි.
මලින්ද පුෂ්පකුමාර මෙලෙස බිද හෙලන ලද්දේ, 1991 දී ප්‍රමෝදය වික්‍රමසිංහ ලකුණු 41 කට කඩුලු 10 ක් බිඳ හෙලමින් තබා තිබූ වාර්තාවයි.
මලින්ද පුෂ්පකුමාර එක් ඉනිමක සියලූ කඩුළු බිඳ හෙලමින් දැක්වූ මෙම දක්ෂතාව, ලොව පළමු පෙළ කි‍්‍රකට් තරගයක වාර්තා වූ හොඳම 13 වන පන්දු යැවීම ලෙස ද සටහන් විය. මේ අතර මෙම තරගයේ පළමු ඉනිමේදී ccc කණ්ඩායමට එරෙහිව වමත් දගපන්දු යවන කී‍්‍රඩක චාමිකර එදිරිසිංහ ලකුණු 87කට කඩුළු 09ක් බිඳ හෙලීම ද විශේෂත්වයකි.