සමාව ගත්තත් මොහාන්ට SSC ඡන්දය නෑ ?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී මෙවර ක්‍රිකට් නිලවරණයේ සභාපති ධූරයට තරගවදින මොහාන් ද සිල්වා මහතා මයිකල් ද සොයිසා මහතාගේ හිත රිදුනේ නම් තමා ඊට සමාව ඉල්ලන බව කියා සිටියේය.

ඔහු මෙසේ සමාව ඉල්ලා සිටියේ මීට පෙර පැවැති මාධ්‍ය හමුවකදී ෆයිසර් මුස්තාපා මහතා විසින් පත්කර ඇති දැනටත් ක්‍රියාත්මක ක්‍රිකට් කමිටුවේ සිටින මයිකල් ද සොයිසා මහතා පාසලේ හෝ ක්‍රිකට් ක්‍රීඩා කර නොමැති බවට කළ අපහාසාත්මක ප්‍රකාශය හේතුවෙනි.

කෙසේවුවද, පෙරේදා (29) රැස්වූ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ප්‍රධානීන් මොහාන්ගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩිව දෝෂ දර්ශනයට ලක්කර තිබුණු අතර ඔහු අදාළ ප්‍රකාශයට සමාව නොගතහොත් ඔහුට සිය ක්‍රීඩා සමාජයේ ඡන්ද ලබා නොදීමට ද තීන්දුවක් ගෙන තිබිණි.

කෙසේවුවද, එම තීන්දුව ගැනීමට පෙර ඔහු සමාව ගත්තද ඔහුට ඡන්දය ලබාදෙන්නේද යන්න ගැන දෙවරක් සිතිය යුතු බවට ද එස්.එස්.සී. කමිටු සාමාජිකයන් එහිදී යෝජනා කර තිබිණි.

සමාව ගතහොත් ඔහුට ඡන්දය දීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමු යැයි එහිදී බහුතර සාමාජිකයන්ගේ යෝජනාව මත අදාළ කරුණ පසුවට ගැනීමට තීන්දුකරමින් එය නිමාවූ බවද මේ අතර, ශ්‍රී ලංකා මිරර් වෙත ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

ඒ අනුව, මොහාන්ට සිය ක්‍රීඩා සමාජයේ ද ඡන්ද හිමිවීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ.

MirrorGames.lk © 2019

Search