ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකත්වය වෙනස් වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ මෙන්ම එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද ඉදිරියේදී වෙනස් කිරීමට නියමිතව ඇති අතර දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ සිට අදාළ වෙනස්කම් සිදුකිරීමට නියමිතව තිබේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී ක‍්‍රිකට් තේරීම් කමිටුව, පුහුණුකරු සහ ක‍්‍රීඩා ඇමැතිවරයා අතර සාකච්ජා කිරීමටද නියමිතව ඇතැයි පැවසේ.

නායකත්වය සම්බන්ධයෙන් ලසිත් මාලිංග සහ තිසර පෙරේරා අතර ඇති වූ ගැටුම හේතුවෙන් ඉදිරියේදී කණ්ඩායම එකමුතුව තබා ගත හැකි ක‍්‍රීඩකයකුට නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ක‍්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇත.

නව නායකයා තවත් සතියකින් පමණ නම් කිරීමට නියමිතව ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයට හොඳම සුදුස්සා බවට මේ වන විට වැඩි කතා බහට ලක්ව තිබුණද ප‍්‍රදාන පුහුනුකරු චන්දික හතුරුසිංහ මහතා සමග ඇති අවුල් සහගත තත්ත්වය හේතුවෙන් නායකයා තේරීම සම්බන්ධයෙන් තේරීම් කමිටුවද දෙගිඩියාවකින් පසුවන බව වැඩිදුරටත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා පවසා ඇත්තේ මෙසේය.

"ලසිත් මාලිංගව අපි නායකත්වයට පත් කළේ නවසීලන්ත සංචාරයට විතරයි. ලෝක කුසලාන තරගාවලියේදී කවුද නායකයා කියන එක දැන්ම තෝරන්න ඕන. දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කරන්නේ ලෝක කුසලාන යන නායකයාවම තමයි. ඒ වගේම අපි දැනට ක‍්‍රීඩකයන් විස්සක් විතර බලලා තියෙනවා. ඒ අතරින් 17 ක් විතර දකුණු අප‍්‍රිකානු සංචාරයට යවන්න බලාපොරොත්තු වෙනවා."

MirrorGames.lk © 2019

Search