මාලිට ලෝක වාර්තා 2කට හිමිකම් කීමට වරම්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග මාර්තු මාසයේදි පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි  20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කඩුළු 05 ක් දවා ගැනීමට සමත් වුවහොත් අන්තර්ජාතික විස්සයි 20 ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වීමට වරම් හිමීවනු ඇත.

ඒ අනුව මාලිංග විස්සයි 20 ක්‍රිකට් තරග 70 කට ක්‍රීඩා කර කඩුළු 94 ක් ලබා ගනිමීන් කඩුලු ලාභීන්ගේ සටහනේ දෙවන ස්ථානයේ පසුව අතර එහි පළමු ස්ථානයේ සිටින පාකිස්ථාන හිටපු ක්‍රීඩක සහිඩ් අෆ්රීඩි තරග 96 කදී කඩුලු 98 ක් දවාගෙන සිටියි.

එසේම මාලිංග හට තවත් කඩුළු 06ක් දවාගතහොත් අන්තර්ජාතික විස්සයි 20 ක්‍රිකට් පිටියේ කඩුලු 100 ක් ලබා ගත් පළමු ක්‍රීඩකයා විමේ වාර්තාවට හිමිකම් කියනු ඇත.

දකුණූ අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර විස්සයි 20 තරගාවලිය මාර්තු මස 19, 22, 24 යන දිනයන්හි පැවැත්විමට නියමීතය.

MirrorGames.lk © 2019

Search