ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම් කෙරේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත් වීමට නියමිත විස්සයි 20 තරගාවලියට අදාල ක්‍රීඩකයන් 16‍ දෙනෙකුගෙන් සමන්විත සංචිතය ඊයේ ( 14 )  ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි ලසිත් මාලිංගට හිමිව ඇති අතර සිව්වන එක්දින තරගයේ කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටි නිරෝෂන් දික්වැල්ල උප නායකයා ලෙස නම්කර තිබේ.

යොවුන් ක්‍රීඩකයන් වන අවිශ්ක ප්‍රනාන්දු, ප්‍රියමාල් පෙරේරා හා කමිදු මෙන්ඩිස්ද සංචිතයට ඇතුළත්කර ඇති අතර, සුරංග ලක්මාල් හා ජෙෆ්රි වැන්ඩසේ ද කණ්ඩායමට කැඳවා තිබේ.

ටෙස්ට් හා එක්දින තරගාවලියට ක්‍රීඩාකළ විශ්ව ප්‍රනාන්දුට හා කසුන් රාජිතට විස්සයි 20 සංචිතයේ ස්ථානය අහිමිව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර විස්සයි 20 තරගාවලිය  මේ මස 19 වැනිදා කේප්ටවුන්හිදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය - ලසිත් මාලිංග ( නායක ), නිරෝෂන් දික්වැල්ල ( උප නායක ) අවිශ්ත ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, ධනංජය ද සිල්වා,කමිදු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ලක්ෂාන් සඳකැන්

MirrorGames.lk © 2019

Search