ආනල්ඩ් නැවත ලංකන් ප්‍රිමියර් ලීග් අධ්‍යක්ෂ තැනට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යළි ආරම්භ කිරීමට නියමිත ලංකන් ප්‍රිමියර් ලීග් විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ (LPL) අධ්‍යක්ෂවරයා ලෙස ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජාත්‍යන්තර විස්තර විචාරක රසල් ආනල්ඩ් මහතා පත්කර ඇතැයි වාර්තා වේ.

ඔහු ඊයේ (15) සිට අදාළ ධූරයේ වැඩ අද සිට ආරම්භ කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

රසල්ඩ්ට මේ සඳහා ඇමරිකානු ඩොලර් 10,000ක දීමනාවක් ගෙවන බවද පැවසේ.

මේ තරගාවලිය පැවැත්වීම කල්යමින් තිබෙන්නේ පසුගිය වසරේ සිටය. මෙය ඉකුත් වසරේ අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

එවර එහි තරගාවලි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලැබුවේද රසල් ආනල්ඩ් මහතාය.

පසුගිය වසරේ ජුලි 06 වැනිදා රසල්ගෙ නිල ට්විටර් (twitter) ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කළ ආර්නල්ඩ් මහතා LPL තරගාවලිය දින නියමයක් නොමැතිව කල්ගිය පුවත පහත පරිදි තහවුරු කර තිබිණි.

 

MirrorGames.lk © 2019

Search