ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවැනි  තරගයත් පරදිති

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා එංගලන්ත කාන්තා කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් ලැබීමට එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0 කින් තරගාවලිය ජය ගැනීමට එංගලන්තය සමත් විය.

ලකුණු 188 ක ඉලක්කය හඹා යාමට පිටියට එංගලන්ත ක්‍රීඩිකාවෝ පන්දුවාර 33.3 කදී කඩුලු 4 ක් මණක් දැවී සිය ඉලක්කය පසුකර ගියහ.

වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ එංගලන්ත ආරම්භක පිතිකාරිණි, අමි ජෝන්ස් පන්දු 39 කදී හයේ පහර 3 ක් හා හතරේ පහර 7 ක් සමගින් ලකුණු 54 ක් රැස් කි රීමට සමත් වූවාය.

ශ්‍රී ලංකා නායිකාව ක්‍රීඩිකාවන් 7 දෙනෙකු උපයෝගි කරගනිමින් එංගලන්ත ක්‍රීඩිකාවන් මෙල්ල කිරීමට උත්සාහ කළද, ඉනෝෂි ප්‍රනාන්දු හැරෙන්නට වෙනත් කිසිදු ක්‍රීඩිකාවකට සාර්ථක පන්දු යැවීමක නිරත වීමට අවස්ථාව හිමි නොවූහ. එහිදී ඉනෝෂී ප්‍රනාන්දු ලකුණු 45 කට කඩුලු 3 ක් බිඳ හෙලුවාය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 187 රැස් කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා ඉනිමේ එකම ලකුණු ලාභිනිය බවට පත්වූ හර්ෂිතා මාධවී පන්දු 46 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 42 ක් රැස් කිරීමට සමත් වූවාය.

නායිකා චමරි අතපත්තුටද මෙම තරගයේදී ලබාගත හැකිවූයේ ලකුණු 22 ක් පමණි.

දෙරට අතර අවසන් එක්දින තරගය මේ මස 21 වැනිදා කටුනායක මේරියන්ස්  ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සමීර ගොඩපිටිය            

MirrorGames.lk © 2019

Search