ක්ලිෆර්ඩ් කුසලානයෙන් Kandy ඉවත්වීම ගැන පරීක්ෂණයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගියදා පැවති පිළිමලුන් පිටුදැකීමේ ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියෙන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය ඉවත්වීම සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය තීරණය කර තිබේ.

ගුවන් හමුදා පිල සමග පල්ලෙකැලේ දි අර්ධ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි මහනුවර පිල තරගාවලියෙන් ඉවත්වූයේ එම තරගය නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවැත්වීමට ඔවුන් කළ ඉල්ලීම රග්බි ආයතනය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

ඒ අනුව වෛද්‍ය මයියා ගුණසේකර, නොයෙල් විජේරත්න සහ හෆීල් මාසෝ මහත්වරුන් ත්‍රිපුද්ගල කමිටුවට නම්කර ඇති අතර පසුගියදා රැස්වූ රග්බි ආයතනයේ විධායක කමිටුව ඊට අනුමැතිය ලබා දී තිබේ.

යම්කිසි තරගාවලියකට සහභාගීවීමට එකඟතාව පළ කිරීමෙන් පසුව තරග පෙළ ගැස්ම සිදු කෙරෙන බවත් ඉන් පසුව යම්කිසි කණ්ඩායමක් තරගාවලියෙන් ඉවත්වීම අනුමත කළ නොහැකි කරුණක් බවද රග්බි ආයතනයේ නියෝජ්‍ය සභාපති සහ තරගාවලි කමිටු සභාපති රිස්ලි ඉල්යාස් මහතා පවසා ඇත.

MirrorGames.lk © 2019

Search