ටුවර් වාර්තාවක් තැබූ පුහුණුකර සමඟ බර ඉසිලීමේ පිල චීනයට !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආසියානු බර ඉසිලීමේ තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා බර ඉසිලීම් ක්‍රීඩකයින් සිව් දෙනෙක් හා ක්‍රීඩිකාවන් දෙදෙනෙක් 16 වැනිදා චීනය බලා පිටත්ව ගොස් තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ කළමනාකරු හා ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරයෙකු වන ආර්.බී. වික්‍රමසිංහ මහතාත්, ඔහුගේ සහාය පුහුණුකරු ලෙස ‍ක්‍රීඩා අමාත්‍යාංශයේම උපදේශකයෙකු මෙම සංචාරයේ නිලධාරීන් ලෙස කටයුතු කිරීමය.

මෙලෙස ක්‍රීඩා සංචාරයක නිරතවෙද්දී ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ට දිනකට විශාල ඩොලර් දීමනාවක් ලැබෙන අතර වික්‍රමසිංහ මහතා මෙලෙස බර ඉසිලීමේ පුහුණුකරු ලෙස වසර ගණනාවක් මුළුල්ලේ සංචාරවලට සහභාගි වීම විශේෂ සිද්ධියකි. වික්‍රමසිංහ මහතා මේ විට බර උස්සන් හා විදේස්ගතව වාර්තාවක් ද පිහිටුවා තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධිත ක්‍රීඩා සංගම් හා සම්මේලන වල ගැටලුකාරී අවස්ථා තිබුණ හොත් අමාත්‍යාංශය වෙනුවෙන් ඒවා පරික්ෂා කරන්නේ ද ආර්.බී. වික්‍රමසිංහ මහතා වන අතර මේ තත්ත්වය යටතේ බර ඉසිලීමේ සංගමයේ යම් වැරැද්දක් සිදු වන්නේනම් මොහු ඒ ගැන සොයා බලන්නේ කෙසේද යන්න බරපතළ ගැටලුවක් වී ඇත.

නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද මීට කලින් සිටි මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර හා ෆයිසර් මුස්තාපා ඇමතිවරුන් පරිදිම ‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් මාෆියාවට යටත් ව සිටීම කණගාටුවට කරුණකි.

MirrorGames.lk © 2019

Search