පැතුම්‌ෙගන් සුපිරි ඉනිමක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සංචාරක බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය විසඳුමකින් තොරව ඊයේ (7 වැනිදා) අවසන් විය.

ඒ අනුව තරග 2 කින් සමන්විත තරගාවලිය 0-0 ක් ලෙස සමවිය.

තරගයේ සිවුවැනි සහ අවසන් දිනය වූ අද තරගය නතර කරනවිට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 357 ක් රැස්කර සිටියේය.

ඊයේ දිනය අවසන් වනවිට ලකුණු 75 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳීසිටි පැතුම් නිස්සංක ඉතා අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුවීම හේතුවෙන් ද්විත්ව ශතකය ලබාගැනීමට තිබූ අවස්ථාව ඔහුට මගහැරී ගියේය. පන්දු 307 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි පැතුම් නිස්සංක හයේ පහරක් සහ හතරේ පහර 20 කින් සිය ඉනිම අලංකාර කරමින් ලකුණු 192 ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - 268
බංග්ලාදේශ ‘ඒ’ පළමු ඉනිම - 330
ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම -  කඩුලු 2 ක් දැවී 357
(පැතුම් නිස්සංක 192, සංගීත් කුරේ 89, කමිඳු මෙන්ඩිස් නොදැවී 64)

MirrorGames.lk © 2019

Search