චමරිගේ සුපිරි ඉනිම අපතේ යයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඔස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම සමග ඊයේ (09 වැනිදා) බි‍්‍රස්බේන් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වු තෙවැනි තරගයේදී කඩලූ 9ක පරාජයක් අත් විඳීමට ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමට සිදු විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩලූ 8ක් දැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ඔස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 26.5කදී එක් කඩුල්ලක් පමණක් දැවී අදාළ ඉල්කකය පසුකර යෑමට සමත් වූවාය. එ් අනුව දෙරට අතර කි‍්‍රයාත්මක තරග 3කින් සමන්විත එක්දින තරගාවලයි 3-0ක් ලෙස ජය ගැනීමට ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

 ශී‍්‍ර ලංකාව වෙනුවෙන් සුපිරි පිති ප‍්‍රහාරයක නිරත වූ චමරි අතපත්තු සිය පස්වැනි එක්දින ශතකය තමන් ඉදිරියේ සටහන් කර ගැනීමට ඊයේ සමත් වූවාය. එහිදී පන්දු 124කදී හතරේ පහර 13ක් සමගින් ලකුණු 103කින් ශී‍්‍ර ලංකා ඉනිම ශක්තිමත් කළ ඇය ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එකම සහ වැඩිම ශතක වාර්තා කළ කී‍්‍රඩිකාව ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්තා පොතට එක්වූවාය. ඒ අනුව මේ වන විට ජාත්‍යන්තර එක්දින තරග 84කට කී‍්‍රඩා කර ඇති චමරි ශතක 5ක් සහ අර්ධ ශතක 14ක් වාර්තා කර තිබේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 50කදී කඩුලූ 8ක් දැවී ලකුණු 195යි

(චමරි අතපත්තු 103,හර්ෂිතා මාධවී 24, මෙගන් ස්කොට් 2/44, ජොර්ජියා වාරෙහම් 2/18)
 
 ඔස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 26.5කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 196යි

(රචෙල් හේන්ස් 63, ඇලීසා හේලි (නොදැවී) 112, චමරි අතපත්තු 1/32)

MirrorGames.lk © 2019

Search