21න් පහළ බැඩ්මින්ටන් ශූරතාවය ලංකාවට

User Rating: 2 / 5

Star ActiveStar ActiveStar InactiveStar InactiveStar Inactive
 

මාලදිවයිනේ අඞ්ඩු නගරයේදී මේ දින වල පැවැත්වෙන දකුණු ආසියානු බැඩ්ම්න්ටන් ශූරතාවලියේදී ප්‍රබල ඉන්දියාව පරදවමින් වසය අවු 21 න් පහළ කාන්තා යුගල අංශයේ ශූරතාවය ශ්‍රී ලංකාව දිනා ගෙන තිබේ.

මාලදිවයිනේ අඩ්ඩු සිටි හිදී පැවැති තරගාවලියේ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබුවේ පසුගිය වසරේ ශූරයින් වූ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවයි.

එම තරයේ දී ශ්‍රී ලංකාවේ ‍ටෙෂානි නයනතාරා හා හසාරා විජේරත්න සමඟ දීප්ෂිකා සිං සහ මන්සි සිං තරග වැදුනු අතර එහිදී තරග 2ට 1ක් ලෙස ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලැබීමට සමත් විය.

එහිදී පළමු තරගය 8-21 ක් ලෙස ඉන්දියාව ජයගත් නමුත් ශ්‍රී ලංකාව නැවත උපක්‍රමශීලීව තරගයට පිවිසෙමින් 20-22ක් හා 17-21 ක් ලෙස ඉතිරි තරග 2ක ජය ගැනීමට සමත් විය.

මිශ්‍ර කණ්ඩායම් අනු ශූරතාවය ලංකාවට

දකුණු ආසියානු කළාපීය වයස 21 න් පහළ බැඩ්ම්න්ටන් ශූරතාවලියේ මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

අවසන් මහ තරගයේදී ඉන්දියාව හමුවේ තරග 3-1 ක් ලෙස පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එහි අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

MirrorGames.lk © 2019

Search