මෙවර ජාතික මහ කී‍්‍රඩා උළෙලේ ශූරයාට සහ ශූරියට මෝටර් රථයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය අනුග‍්‍රහය යටතේ කි‍්‍රයාත්මක වන ප‍්‍රධානම කී‍්‍රඩා උළෙල වන ජාතික මහ කී‍්‍රඩා උළෙලේ 45 වැන්න අද (24 වැනිදා* බදුල්ලේදී ආරම්භ වේ. ඒ අනුව ලබන 27 වැනිදා දක්වා පුරා දින හතරක් බදුල්ල වින්ස්ටන් ඩයස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අදාළ කී‍්‍රඩා උළෙලේ සමාරම්භක උත්සවය අද සවස 2. 30ට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු  මහතාගේ මෙහෙයවීමෙන් මෙවර කි‍්‍රයාත්මක වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේදී ජයග‍්‍රාහකයන් ස`දහා ලබාදෙන ත්‍යාග මුදල දෙගුණ කිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශය පියවරගෙන තිබේ. එහිදී තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා සහ කී‍්‍රඩිකාව වෙනුවෙන් මෝටර් රථ දෙකක් ත්‍යාග කිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශය අදහස් කර සිටී. මීට අමතරව කී‍්‍රඩා උළෙලේ නව මලල කී‍්‍රඩා වාර්තාවක් සඳහා රුපියල් 50000ක ත්‍යාගයක් පිරිනැමීමටද කටයුතු යොදා ඇති අතර නව ශී‍්‍ර ලංකා වාර්තාවක් ස`දහා රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමීමටද සූදානම් බවට වාර්තා වේ.

තවද කේවල ඉසව් පදක්කම් ලාභි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා රුපියල් 15000, 10000 සහ 6000බැගින් මුදල් ත්‍යාග පිරි නැමීමටද නියමිතව තිබේ. මීට අමතරව කණ්ඩායම් කී‍්‍රඩා ඉසව් හිදී එක් කණ්ඩායමක් දිනා ගන්නා පදක්කම් වටිනාකම අනුව කණ්ඩායමකට රුපියල් 6000, 4000 සහ 2000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට මලල කී‍්‍රඩා සංවිධායකයෝ සැදී පැහැදී සිටිති.

මෙතෙක් දශක 5ක කාලයක් තිස්සේ අඛණ්ඩව තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත් සමත්ව තිබේ. කණ්ඩායම් කී‍්‍රඩා ඉසව්, කාන්තා සහ පිරිමි කී‍්‍රඩා ඉසව් 42කින් ශූරතා 19ක් දිනා ගනිමින් ජාතික මහා කී‍්‍රඩා වාර්තාවකටද හිමිකම් කීමටද බස්නාහිර සමත්ව තිබේ.

මේ අතර මෙවර ජාතික මහ කී‍්‍රඩා උළෙලේදී සිදුකරන ලද වෙනස් කිරීම් 3ක් මුල්කර ගනිමින් සමස්ත ලංකා කී‍්‍රඩා නිලධාරි වෘත්තීය සංගම් සභාපතිවරයා විසින් කී‍්‍රඩා අමාත්‍යාංශයට සහ කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට චෝදනාවක් එල්ල කර සිටී.

එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ ජාතික කී‍්‍රඩා විiායතනයේ අභ්‍යාසලාභින් මෙවර ජාතික කී‍්‍රඩා උළෙලින් ඉවත් කර ඇති බවත්, වසර 25කට වඩා වැඩි කී‍්‍රඩා සංගම් දෙපාර්තමේන්තු සහ පළාත් සභා නිලධාරීන් වෙනුවෙන් වසරක් පාසා සිදුකළ උපහාර දැක්වීම අවලංගු කර ඇති බවත් සහ පළාත් සභා මලල කී‍්‍රඩා විනිසුරුවන්ගේ සංගමයක් තිබියදී තරගාවලිය විනිශ්චය ස`දහා පිටින් විනිසුරුවන් ගෙන්වා ඇති බවත්ය.

MirrorGames.lk © 2019

Search