හේෂාන් රත්නායක ප්රමුඛ වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහල් පන්දු යන්නන්ගේ විශිෂ්ට පන්දු දස්කම් හේතුවෙන් පේරාදෙනිය රාජකීය විදුහල සමග පැවැති අවුරුදු 13න් පහළ පළමු පෙළ තරගය ඉනිමකින් සහ ලකුණු 112කින් ජය ගැනීමට ජෝශප් වාස් විදුහලට හැකි විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පේරාදෙනිය රාජකීය පළමු ඉනිම ලකුණු 52කට සීමා කළ ජෝශප් වාස් ක්රීඩකයෝ පළමු ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 185ක් රැස් කළහ.
ලකුණු 133ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරැඹු රාජකීයන්ට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 22ක් පමණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් රාජකීය දෙවැනි ඉනිම බිඳ දැමු හේෂාන් රත්නායක ලකුණු 5ක් තුළ කඩුලු 6ක් දවා ගත්තේ කඩුලු ත්රිත්වයකටද හිමිකම් කියමිනි.
පේරාදෙනිය රාජකීය විදුහල
පළමු ඉනිම - 52. (දිනෙත් නිම්සර 15/6, ඩොමිනික් ප්රනාන්දු 10/3)
දෙවැනි ඉනිම - 21. (හේශාන් රත්නායක 5/6, ඩොමිනික් ප්රනාන්දු 6/2)
සා. ජෝශප් වාස්
පළමු ඉනිම - 185/2. තෙනුර ප්රනාන්දු නොදැවී 64, නෙවින් රාජපක්ෂක 52, ඉමේශ් දුලංජන 34