පාපන්දු මධ්‍යස්ථානයක ඇතිවු ගින්නකින් ක්‍රිඩකයින් 10ක් මරුට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බ්‍රසීලයේ විශාලතම පාපන්දු පුහුණු මධ්‍යස්ථානයක ඇතිවු ගින්නක් හේතුවෙන් යොවුන් ක්‍රිඩකයින් දස දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධියෙන් තවත් ක්‍රිඩකයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පැවසේ.

අදාළ පුහුණු මධ්‍යස්ථානයේ වායුසමීකරණ යන්ත්‍රයක ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හට ගෙන ඇති බවට සැක පළ කර ඇති බව වාර්තා වේ.

ගින්න ඇති වීමට හේතුව සම්බන්ධයෙන් බ්‍රසීල බළධාරීන් විමර්ශනයක් ආරම්භ ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

MirrorGames.lk © 2019

Search