"ලෝක කුසලානයේදී පාකිස්තානය අතාරින්න"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝක කුසලානයේදී ඉන්දීය කණ්ඩායම පාකිස්තානය හා ක්‍රීඩා කිරීමට නියමිත තරගය අත්හළ යුතු බව ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්බජන් සිං පවසා ඇත.

එළඹෙන ජුනි මස එංගලන්තයේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය ජුනි 16 වැනිදා මැන්චෙස්ටර්හි පැවැත්විමට නියමිතය.

පාකිස්තානයේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් කාෂ්මීරයට එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින් මෙසේ ඉන්දියාව පාකිස්තාන තරගය වර්ජනය කළ යුතු බව ඔහුගේ මතය වේ.

"මේක අපහසු අවස්ථාවක්ග මේ සිදුවුණ ප්‍රහාරය විශ්වාසකරන්නත් බෑල ගොඩක් වැරදියි. මේ පිළිබඳව රජය දැඩි තීරණයක් ගත යුතුයි. ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි විට මම හිතනවා අපිට අභියෝග කරන කණ්ඩායම් සමග සබඳතා පවත්වාගත යුතු නෑ.මුලින්ම එන්නේ රටයි. ක්‍රිකට් වේවා හොකී වේවා එය පැත්තකින් තැබිය යුතුයි. මේක විශාල දෙයක් අඛණ්ඩව අපේ සෙබළුන් මැරෙනවා. අපි අපේ රට සමග එකට සිටිය යුතුයි. අපි ඔවුන් සමඟ ක්‍රීඩා කළ යුතු නෑ."

MirrorGames.lk © 2019

Search