තහනම ඉවත් වුවත් ස්මිත්ට හා වෝනර්ට කණ්ඩායමේ ඉඩක් නෑ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2018 මාර්තු මාසයේදී දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟයක් අතරතුර පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව මාස 12 ක කාලයක් සඳහා ජාත්‍යන්තර සහ දේශීය තරඟ තහනමකට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර්ගේ එම තහනම ලබන 28 වැනිදායින් අවසන් විමට නියමිතය.

කෙසේ වෙතත් මාර්තු 22 වැනිදා සිට මාර්තු 31 වැනිදා දක්වා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදි පැවැත්වෙන පාකිස්ථානය සමඟ එක්දින තරඟාවලියට අදාළ ඔස්ට්‍රේලියා සංචිතයට ඔවුන් දෙදෙනාව නම් කර නොමැත.

ඔවුන්ගේ තහනම ඉවත්වන මාර්තු 8 වැනිදායින් පසු පාකිස්ථානය සමග 29 වැනිදා සහ 31 වැනිදා අවසන් එක්දින තරඟ දෙක සඳහා සහභාගි විමට ඔවුන්ට අවස්ථාව පැවතියද ඔවුන් සංචිතයට ඇතුළත් නොකළ බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබේ.

ඒ අනුව මාර්තු 23 වැනිදා ආරම්භ වන 2019 ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරඟාවලිය යටතේ හයිද්‍රාබාද් හා රාජස්ථාන් කණ්ඩායම් නියෝජනය කිරිමට නියමීත වොනර් හා ස්මීත්ගේ දක්ෂතා පිළිබඳ සලකා බලා ඉදිරියේදි කණ්ඩායමට කටයුතු කර බවත් ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබේ.

MirrorGames.lk © 2019

Search