කාන්තා ශූරතාවය දිනූ ඔසාකා යළිත් අංක 1ට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චීන විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට ජපානයේ නවෝමි ඔසාකා සමත් විය.

ඒ ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාටි පරාජය කරමිනි.

ජපානයේ බීජිං නුවරදී පැවති තරගයේ පළමු වටයේදීම ඔසාකා අභිබවා යමින් ලකුණු 6 ට 3 ක් ලෙස ජය වාර්තා කිරීමට ඈෂ්ලි බාටි සමත් විය.

වට 2 ට 1 ක් ලෙස අවසන් මහා තරගය ජය ගත් ජපානයේ නවෝමි ඔසාකා චීන විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයේ ශූරතාව දිනාගැනීමට සමත් විය.

ඇය ලැබු මෙම ජයත් සමඟ නැවතත් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් විය.

MirrorGames.lk © 2019

Search