එංගලන්තයට නව පුහුණුකරුවෙක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඔස්ට්‍රේලියා - එංගලන්ත අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසු එංගලන්ත පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළ ට්‍රෙවර් බේලිස් සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව පුරප්පාඩු වු ප්‍රධාන පුහුණුකාරධූරයට එංගලන්ත පිලේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් පත්කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඔහු මීට පෙර එම කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.

44 හැවිරිදි ක්‍රිස් සිල්වරවුඩ් මීට පෙර එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඇති අතර ඔහු එංගලන්තය පිලේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම 2018 වසරේදී ආරම්භ කළේය.

එංගලනත්ය වෙනුවෙන් ටෙස්ට් තරග 6ක් සහ එක්දින තරග 7ක් ක්‍රීඩා කර ඇති ක්‍රිස් සිය නව පත්වීම පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ එංගලන්ත කණ්ඩායම සමඟ දීර්ඝ කාලිනය කටයුතු කිරීමට ලැබීම ගැන තමන් හදවතින්ම සතුටට පත් වන බවයි.

MirrorGames.lk © 2019

Search