බංග්ලාදේශ ක‍්‍රිකට්වලටත් පාවාදීමේ කේස්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ක‍්‍රීඩකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ක‍්‍රීඩකයන් විසින් ක‍්‍රියාත්මක කළ වැඩ වර්ජනය සාකච්ඡුා මාර්ගයෙන් විසඳා ගත්තද එරට තුළ ක‍්‍රිකට් තරග පාවාදීම් සිදුවන බවට හිටපු බංග්ලාදේශ ක‍්‍රිකට් ප‍්‍රධානී සබර් හුසේන් පවසා තිබේ.

‘බංග්ලාදේශ ක‍්‍රිකට් තමයි ලෝකයේ තරග පාවාදීම් අතින් වැඩිම ප‍්‍රවර්ධනයක් ඇති රට. අපි හැමෝම දන්නවා පළමු පෙළ සහ දෙවැනි පෙළ තියෙන අර්බුද ගැන. 2014 දී බංග්ලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලිය සම්පූර්ණයෙන්ම අවලංගු කළා. 2017 දී බංග්ලාදේශ පන්දු යවන්නකු වසර දහයක තහනමකට ලක් වුණා.’ යනුවෙන් සබර් හුසේන් පවසා තිබුණේ එරට ප‍්‍රාදේශීය මට්ටමේ ක‍්‍රීඩකයන් මුදල් වෙනුවෙන් වැඩිපුර තරග පාවාදීමේ ක‍්‍රියාවලියට යොමුව ඇති බවද සඳහන් කරමිනි.

 කෙසේ වෙතත් බංග්ලාදේ ක‍්‍රිකට් ආයතනය සහ කී‍්‍රඩකයන් අතර පැවැති සාකච්ඡුාවකින් අනතුරුව වැඩ වර්ජනය අතහැරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් යළිත් තරග කිරීමට කැමැත්ත ප‍්‍රකාශ කර තිබේ.

MirrorGames.lk © 2019

Search