අංක එකේ කණ්ඩායම පරදා එංගලන්තය ⁣Final එයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ පසුගිය වසරේ ශූරයන් වූ නවසීලන්තය පරාජය කරමින් අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට එංගලන්ත කභ්ඩායම සමත් විය.

තරගයේ පළමු අර්ධයේදීම කිසිවෙක් බලාපොරොත්තු නොවු අයුරින් නවසීලන්තයට ප්‍රභල අභියෝගයක් එල්ල කිරීමට එංගලන්තය සමත් වුණි.

එම අර්ධයේදී එංගලන්තය ලකුණු 10ක් රැස්කිරීමට සමත් වූ අතර නවසීලන්තයට ලකුණු රැස් කිරීමට හැකි වුයේ නැත.

දෙවැනි අර්ධයේදී නැවතත් ක්‍රීයාත්මක වූ නවසීලන්තය ලකුණු 7ක් රැස් කරගැනීමට සමත් වූ අතර එංගලන්තය එම අර්ධයේදීද තවත් ලකුණු 9ක් රැස් කර ගනිමින් ලකුණු 19 ට 07ක් ලෙස තරගයේ ජය හිමිකර ගැනීමට එංගලන්තය සමත් විය.

පසුගිය ශූරයන් මෙන්ම ලොව අංක එකේ කණ්ඩායම වන නවසීලන්තය පරාජය වීම මෙහිදී විශේෂ සිදුවීමක් විය.

MirrorGames.lk © 2019

Search