Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන කන්ඩායම අතර පැවැති තෙදින පුහුණු තරගය අද ( 19 ) ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 5 කට ලකුණු 316 ක් ලබා  සිටියදී සිය ඉනිම අත්හිටුවමින් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නේය.  

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන කන්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ කර්ටිස් පැටර්සන් පන්දු 212 කදී හයේ පහරක් සහ හතරේ පහර 21 ක් සමගින් නොදැවී ලකුණු 157 ක් සහ ජේක් ඩොරන් පන්දු 129 කදී හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස් කිරීමට සමත් වූහ.

පළමු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 කට ලකුණු 176 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවමින් පන්දුවට පහර දීමේ අවස්ථාව නැවතත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන කණ්ඩායම ලබා දුන්නේ ය.

ශ්‍රී ලංකා කන්ඩායමට වඩා ලකුණු 140 ක වාසිය ඇතිව නැවතත් දෙවැනි ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන කණ්ඩායම කඩුලු 3කට ලකුණු 224 ක් ලබා සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවනු ලැබීය.

පළමු ඉනිමේදී නොදැවී විශිෂ්ට ශතකයක් වාර්තා කර්ටිස් පැටර්සන් සිය දෙවැනි ඉනිමේදීද, නොදැවී ලකුණු 102 ක් රැස් කිරීමට සමත් විය.

ජයග්‍රහනය සඳහා ලකුණු 364 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී අවසන් දිනට  තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 131 ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ මස 24 වැනිදා දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වීමට  නියමිතය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ජාතික ක්‍රීඩා සභාවේ 2019-2020 වර්ෂයට පත් කළ  නිලධාරීන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (17) දින විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා පත්කර ඇත.

පනතෙහි අදාළ වගන්තිය අනුව සමස්ථ ක්‍රීඩාවේ දියුණුව, වර්ධනය හා පරිපාලනය පිළිබඳ කටයුතු කිරීම පිළිබඳව ගරු අමාත්‍යතුමාට උපදෙස් ලබා දීම පිණිස හා එමගින් ක්‍රීඩාවේ උන්නතියට, වර්ධනයට අවංකව සහභාගීවන ඒ සඳහා ස්වේච්ඡාවෙන් දායකවන පිරිස මේ සඳහා පත් කිරීම සිදු විය.  

සභාපති - ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු හමුදාපති දයා රත්නායක මහතා

ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍යායතනයේ නියෝජිතයෙක් ( සභාපති ) - මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් - ධම්මික මුතුගල මහතා (නිල බලයෙන්)

ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ නියෝජිතයෙක් ( අධ්‍යක්ෂ ජනරාල් ) -  වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා

ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ නියෝජිතයෙක් ( අධ්‍යක්ෂ ) - සජිත් ජයලාල් මහතා

අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂ (ක්‍රීඩා) -  කර්නල් මංජුල කාරියවසම් මහතා

පැරා ඔලිම්පික් සංගමයේ නියෝජිතයෙක්  - ලුතිනන් කර්නල් ඩී.ටී.එල්.එස්. කරවිටගේ මහතා

ශ්‍රී ලංකා පොලිස් සේවයේ සක්‍රීය හෝ විශ්‍රාමික නියෝජිතයෙක්   ජාතික රහස් ඔත්තු සේවාවේ හිටපු අධ්‍යක්ෂක -මොහොමඩ් හෆීස්මාර්සෝ මහතා

හිටපු ක්‍රිකට් ක්‍රීඩක - සිදත් වෙත්තමුනි මහතා

හිටපු ශ්‍රී ලංකා රගර් සභාපති - අසංග සෙනෙවිරත්න මහතා

නීති අංශයේ නියෝජිතයෙක් - නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා

ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීන මාධ්‍ය වේදියෙක් - අශෝක ගුණතිලක මහතා

ප්‍රවීණ ක්‍රීඩක - ප්‍රියන්ත ඒකනායක මහතා

ප්‍රවීණ ක්‍රීඩිකා හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරී - ශ්‍රියානි කුලවංශ මිය

ජාතික ක්‍රීඩා සභාවේ ලේකම් - ශාලිකා කාරියවසම් මිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තුල දුෂණ ක්‍රියා සිදුව ඇත්නම් එවා වාර්තා කිරිම සඳහා දින ජනවාරි 15 සිට 31 වැනිදා දක්වා දුෂණ විරෝධී කාර්යලයක් මෙරට ස්ථාපිත කෙරුණූ නමුත්, මෙතෙක් එ සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් සිය කාර්යාලය වෙත නොළැඹුණූ බව අයි.සී.සී දුෂණ විරෝධී ඒකකයේ සමාන්‍යාධිකාරි ඇලෙක්ස් මාර්ෂල් මහතා නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

MirrorGames.lk © 2019

Search