Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ පරිපාලනය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

 ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ පාලනය මේ වන විට ත්‍රිපුද්ගල අතුරු කමිටුවකින් ක්‍රියාත්මක වන අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකාවෙන්ම යොමු වූ විරෝධතා සැළකිල්ලට ගනිමින් අන්තර්ජාතික ජලක්‍රීඩා සම්මේලනය මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ. 

ඉන්දියාවේ බැංගලෝර් නුවරදී, ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබු දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 130 ක් පමණ සහභාගී වීමට නියිමිතව තිබූ අතර, ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටු වීමත් සමගින් තරගාවලිය කල් දැමීමටද තීරණටය කර ඇත.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

පන්දු යැවිමේ ඉරියව්ව නිවැරදි නොවීම හේතුවෙන් පන්දු යැවිමේ තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ ඉරියව්ව කඩිනමීන් නිවැරදි කර ගැනීම සඳහා ඔහුව ඉන්දියාව බලා පිටත් කිරිමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දඟ පන්දු යැවිමේ පුහුණුකරු පියල් විජේතුංග මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ධනුෂ්ක ගුණතිලක ආබාධයට ලක්වීම හේතුවෙන් හෙට (11) පැවැත්වෙන ශ්‍රී ලංකා නවසීලන්ත එකම විස්සයි 20 තරගයෙන් ඉවත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේය.

ධනුෂ්ක ගුණතිලක මෙසේ ආබාධයට ලක්ව ඇත්තේ, නවසීලන්තය සමගින් පැවැති අවසන් එක්දින තරගය අතරවාරයේදීය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ශ්‍රේණි ගත කිරීම්වලට අනුව එහි පෙරමුණ ගැනීමට  එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ.

ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවන  අතර, ශ්‍රී ලංකාවට එරෙහිව තරග 3-0 ක් ලෙස එක්දින තරගාවලිය ජයගත් නවසිලන්තය ශ්‍රේණිගත කිරීමේ සටහනේ තෙවැනි තැන දක්වා ඉහළට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල තවත් ස්ථානයක් පසුබැස ඇති අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව 8 වන ස්ථානයයි.

නවතම එක්දින ශ්‍රේණිගත කිරීමේ සටහන ( 2019 ජනවාරි 13 වැන දිනට )

  1. එංගලන්තය       - 126
  2. ඉන්දියාව           - 119
  3. නවසීලන්තය      - 113
  4. දකුණු අප්‍රිකාව     - 111
  5. පකිස්තානය        - 102
  6. ඕස්ට්‍රේලියාව       - 101
  7. බංග්ලාදේශය      - 93
  8. ශ්‍රී ලංකාව           - 78
  9. බ. ඉන්දීය කොදෙව් - 72
  10. ඇෆ්ගනිස්තානය   - 67
MirrorGames.lk © 2019

Search