Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

 

2018 සම්මේලන කුසලාන කැරම් තරගාවලියේ කේවල පිරිමි ශූරතාව ෂයිඩ් මලික් දිනා ගනිද්දී, කාන්තා අංශයේ කේවල ශූරතාව දිනා ගැනීමට ජෝසප් රොෂීටා සමත් වූවාය.

 

කොහුවල  කැරම් සම්මේලන ශාලාවේදී, මෙවර තරගාවලිය පැවැත්වුණු අතර මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාන් 400 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ. 

පිරිමි කේවල අනුශූරතාව සුරේෂ් මධුවන්ත දිනාගනිද්දී, මධුවන්ති ගුණදාස කාන්තා කේවල අනුශූරතාව දිනා ගත්තාය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රයිස්චර්ච් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයට තරගය නිමා කරන ලකුණු 660ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 231ක් රැස්කරගෙන අසීරු තත්ත්වයක පසුවෙයි.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇලස්ටයාර් කුක් හට නයිට් පදවියක් ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බව එරට ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

බුද්ධිමය ආබාධ සහිත කාණ්ඩයට (M) අයත් දේශීය පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර පැරා ක්‍රීඩා නීතියට අනුව වෛද්‍ය වර්ගීකරණය කිරීම සඳහා බුද්ධිමය ආබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වන ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනයේ ( INAS – International Sports Federation for the Persons with Intellectual Disability / https://inas.org/ ) ව්‍යාපෘති කළමණාකරු වන මයිකල් තොම්සන් හා එහි මනෝ වෛද්‍යවරයෙකු වන පීටර් හයිනිනන් යන මහත්වරු ජාතික පැරාලිම්පික් කමිටුවේ ආරාධනාවක් මත මේ දිනවල ශ්‍රීලංකාවේදී වෛද්‍ය වැඩමුළුවක් පවත්වති.

කොළඹ රේණුකා හෝටලයේදී දෙසැම්බර් 18 දා ආරම්භ වූ මෙම සිව්දින වැඩමුළුව සඳහා ශ්‍රීලංකාවේ මනෝ වෛද්‍යවරු පිරිසක්ද සහභාගී වන අතර මෙම පිරිසට ජාත්‍යන්තර පැරා ක්‍රීඩා නීති රීති වලට අනුව ක්‍රීඩකයන් වෛද්‍ය වර්ගීකරණය කිරීම පිළිබඳව මූලික පුහුණුවක් ඕස්ට්‍රේලියානු වෛද්‍යවරුන් විසින් ලබා දීමටද නියමිතය.

බුද්ධිමය ආබාධ සහිත කාණ්ඩයට අයත් දේශීය පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්සඳහා 2019 ඔක්තෝඹර් මස ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හිදී පවත්වන්නට නියමිත ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලිය සඳහා ශ්‍රීලංකා පැරා තරඟකරුවන් සූදානම් කිරීමේ මූලික පියවරක් ලෙසද මෙම වෛද්‍ය වැඩමුළුව පැවැත්වේ.

මෙම වෛද්‍ය කඳවුර සඳහා බුද්ධිමය ඌනතා සහිත පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50කට ආසන්න පිරිසක් සහභාගී වන අතර   ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රීලංකා ක්‍රීඩා පුහුණුකාරියක වන අනුලා කොස්තා මහත්මිය මෙම වෛද්‍ය වැඩමුළුව සංවිධානය කිරීම සඳහා ජාතික පැරාලිම්පික් කමිටුව (  NPC ) හා INAS අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇත.

ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවට ( International Paralympic Committee – https://www.paralympic.org/ ) අනුබද්ධ සංවිධානයක් වන INAS සම්මේලනයේ ශ්‍රීලංකාවද ඇතුලු රටවල් 81ක් සමාජිකත්වය ලබා සිටී.

ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හිදී පැවැත්වීමට නියමිත බුද්ධිමය ඌනතා සහිත කාණ්ඩයේ ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලියේදී මලල ක්‍රීඩා (ජවන හා පිටිය ), ටේබල් ටෙනිස්, බාස්කට් බෝල්, ක්‍රිකට් , පාපැදි (ගෘහස්ථ හා මාර්ග ),අසුපිට යාම, පාපන්දු / ෆුට්සාල්, අත්පන්දු, පැරා හොකී, ඔරු පැදීම, හිම මත ලිස්සීම, ටයිකොන්ඩෝ, ටෙනිස් හා මලල ක්‍රීඩා ( අර්ධ මැරතන් / රට හරහා දිවීම / ගෘහස්ථ මලල ක්‍රීඩා) යන ක්‍රීඩා ඉසව් පැවැත්වීමට ඇති බවත්, ඒ සඳහා රටවල් 82කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී වීමට නියමිත බවත් ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රාජිත අම්පෙමොහොට්ටි මහතා පවසයි.

ජාතික පැරාලිම්පික් කමිටුව සංවිධානය කළ මෙම වෛද්‍ය වර්ගීකරණ කඳවුර සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පූර්ණ අනුග්‍රහය දක්වා තිබේ. 

media 1

media 2

media 3

media 4

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නව නිවසක් පිරිනැමීම නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (26) සිදුකෙරිණි.

MirrorGames.lk © 2019

Search