Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යළි ආරම්භ කිරීමට නියමිත ලංකන් ප්‍රිමියර් ලීග් විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ (LPL) අධ්‍යක්ෂවරයා ලෙස ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජාත්‍යන්තර විස්තර විචාරක රසල් ආනල්ඩ් මහතා පත්කර ඇතැයි වාර්තා වේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා එංගලන්ත කාන්තා කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් ලැබීමට එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0 කින් තරගාවලිය ජය ගැනීමට එංගලන්තය සමත් විය.

ලකුණු 188 ක ඉලක්කය හඹා යාමට පිටියට එංගලන්ත ක්‍රීඩිකාවෝ පන්දුවාර 33.3 කදී කඩුලු 4 ක් මණක් දැවී සිය ඉලක්කය පසුකර ගියහ.

වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ එංගලන්ත ආරම්භක පිතිකාරිණි, අමි ජෝන්ස් පන්දු 39 කදී හයේ පහර 3 ක් හා හතරේ පහර 7 ක් සමගින් ලකුණු 54 ක් රැස් කි රීමට සමත් වූවාය.

ශ්‍රී ලංකා නායිකාව ක්‍රීඩිකාවන් 7 දෙනෙකු උපයෝගි කරගනිමින් එංගලන්ත ක්‍රීඩිකාවන් මෙල්ල කිරීමට උත්සාහ කළද, ඉනෝෂි ප්‍රනාන්දු හැරෙන්නට වෙනත් කිසිදු ක්‍රීඩිකාවකට සාර්ථක පන්දු යැවීමක නිරත වීමට අවස්ථාව හිමි නොවූහ. එහිදී ඉනෝෂී ප්‍රනාන්දු ලකුණු 45 කට කඩුලු 3 ක් බිඳ හෙලුවාය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 187 රැස් කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා ඉනිමේ එකම ලකුණු ලාභිනිය බවට පත්වූ හර්ෂිතා මාධවී පන්දු 46 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 42 ක් රැස් කිරීමට සමත් වූවාය.

නායිකා චමරි අතපත්තුටද මෙම තරගයේදී ලබාගත හැකිවූයේ ලකුණු 22 ක් පමණි.

දෙරට අතර අවසන් එක්දින තරගය මේ මස 21 වැනිදා කටුනායක මේරියන්ස්  ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සමීර ගොඩපිටිය            

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත් වීමට නියමිත විස්සයි 20 තරගාවලියට අදාල ක්‍රීඩකයන් 16‍ දෙනෙකුගෙන් සමන්විත සංචිතය ඊයේ ( 14 )  ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි ලසිත් මාලිංගට හිමිව ඇති අතර සිව්වන එක්දින තරගයේ කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටි නිරෝෂන් දික්වැල්ල උප නායකයා ලෙස නම්කර තිබේ.

යොවුන් ක්‍රීඩකයන් වන අවිශ්ක ප්‍රනාන්දු, ප්‍රියමාල් පෙරේරා හා කමිදු මෙන්ඩිස්ද සංචිතයට ඇතුළත්කර ඇති අතර, සුරංග ලක්මාල් හා ජෙෆ්රි වැන්ඩසේ ද කණ්ඩායමට කැඳවා තිබේ.

ටෙස්ට් හා එක්දින තරගාවලියට ක්‍රීඩාකළ විශ්ව ප්‍රනාන්දුට හා කසුන් රාජිතට විස්සයි 20 සංචිතයේ ස්ථානය අහිමිව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර විස්සයි 20 තරගාවලිය  මේ මස 19 වැනිදා කේප්ටවුන්හිදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය - ලසිත් මාලිංග ( නායක ), නිරෝෂන් දික්වැල්ල ( උප නායක ) අවිශ්ත ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, ධනංජය ද සිල්වා,කමිදු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ලක්ෂාන් සඳකැන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැති සිව්වන එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද ( 13 ) සමත් විය. ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 4-0 කින් පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාවට හැකිවිය.

ලකුණු 190 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 32.5 කදී කඩුලු 4 ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.

සිව්වන එක්දින තරගයට කැඳවනු ලැබූ ජේ.පී ඩුමිනි ( නොදැවී 31 ) හා ඩේවිඩ් මිලර් ( නොදැවී 25 ) රැස් කරමින් දකුණු අප්‍රිකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

තරගාවලිය පුරාම සාර්ථක පිතිකරුවා බවට පත්වූ ක්වින්ටින් ඩි කොක් අද දිනයේද පන්දු 57 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 51 ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා ලකුණු 41 කට කඩුලු 3 ක් බිඳ හෙලීය.

කාසියේ වාසියේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 39.2 කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 189 ක් පමණි.

ලකුණු 131 ක් තුළදී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 9 ක්ම ඇඳවැටී තිබූ අතර 10 වන කඩුල්ල සඳහා එක්වූ ඉසුරු උදාන හා කසුන් රාජිත ලකුණු 58 ක සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා පිළ ලකුණු 189 ක් දක්වා රැගෙන ගියහ.

තම මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කළ ඉසුරු උදාන පන්දු 57 කදී හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් සමගින් ලකුණු 78 ක් රැස් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා ඉනිමේ එකම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

එතෙක් මෙතෙක් බිහිවූ ලොව විශිෂ්ටතම දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් වසර 19 තුළදී තමන්වෙත හිමි වූ සියලුම තරගයේ වීරයා සම්මානයන් තමන් භාරකත්වය දරන ගුණජන සතුට පදනමට පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.

සීනිගමදී  ඉදි කිරීමට නියමිත ‘මුරලි කෞතුකාගාරයට ‘ මෙලෙස ඔහුගේ සියලුම සම්මානයන් පරිත්‍යාග කිරීමට නියමිතය.

ටෙස්ට් තරග 133 කට ක්‍රීඩාකර ඇති මුරලිදරන්, එහිදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 800 කි. ටෙස්ට් පිටියේ මෙන්ම එක්දින පිටියේද නැතිවම බැරිවූ මුරලිදරන් තරග 350 කදී කඩුලු 534 දවා ගැනීමට සමත්ව ඇත.

54256811 836570743351594 2471803225590726656 n

54408512 300083513964380 8896477682204672000 n

54524948 2250092691975623 5213824413098573824 n 1

MirrorGames.lk © 2019

Search