Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

තරග නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග ගාස්තුවෙන් සියයට 15ක දඩයක් පනවා තිබේ.

User Rating: 1 / 5

Star ActiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ඇන්ජලෝ මැතිවුස්ගේ හා කුසල් මෙන්ඩිස්ගේ ප්‍රවේසම්කාරී පිතිකරණය  හමුවේ සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව වොලිංටන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වන  අද (18 ) තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 259 ක් ලබා සිටියේය.

තෙවැනි දිනය වූ ඊයේ ( 17 ) තරගය නතර කරන විට ලකුණු 20 කට කඩුලු 3 ක් දැවී අසීරු අඩියක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම යම් බලාපොරොත්තුවක් ගෙන දෙමින් කුසල් මෙන්ඩිස්  ( නොදැවී 116 ) සහ ඇන්ජලෝ මැතිවුස් ( නොදැවී 117 ) ලබා සිව්වන කඩුල්ල වෙනුවෙන් වෙනුවන් ලකුණු 246 ක නොබිඳුණු සම්න්ධතාවයක් ගොඩ නැගීමට සමත් වූහ.

තම ටෙස්ට් දිවියේ 6 වැනි ටෙස්ට් ශතකය වාර්ථා කළ කුසල් මෙන්ඩිස් පන්දු 287 කදී හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 116 ක් රැස් කිරීමට සමත් විය. ඔහු සමගින් අනෙත් අන්තය ආරක්ෂා කරගත් ඇන්ජලෝ මැතිවුස් පන්දු 293 කදී හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 117 ක් රැස් කිරීමට සමත් වූයේ  සිය ටෙස්ට් දිවියේ 9 වැනි ටෙස්ට් ශතකය තමන් ඉදිරියේ ලියා ගනිමිනි. ඇන්ජලෝ මැතිවුස්ට 2017 වසරින් පසුව ශතකයක් වාර්තා කිරීමට ඉනිම් 15 ක් වැය කිරීමට සිදුවිය. ශතකය ලබා ගැනීමෙන් අනතුරුව පිටියේ ඩිෆ් 10ක් ගැසූ මැතිව්ස් තමා මනසින් ශක්තිමත් බවද ඉඟිකරමින් පැවැසීය. පසුගිය ක්‍රිකට් තේරිම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටි අතර එයට මැතිවුස් පිත්තෙන් පිළිතුරැ දීම කාගේත් අවධානයට යොමු විය.

මින් පෙර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක් දිනයක් තුළ පන්දු යවන්නන් විසින් පිතිකරුවෙක් දවානොගත් අවස්ථා 21 කදී වාර්තාවී ඇති අතර ඉන් අවස්ථා 4 කට ශ්‍රී ලංකා කණ්ඩායම දායකත්වය සපයා ඇත. 1986 වසරේදී පාකිස්තානට එරෙහිව පැවැති තරගයේ පස්වැනි දිනයේදී අසංක ගුරුසිංහ සහ අර්ජුන රණතුංග දිනය පුරා පන්දුවට පහරදුන්හ.

ඉන්පසුව 1997 වසරේදී ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේ තෙවැනි සහ සිවුවැනි දිනයන් පුරා පන්දුවට පහරදීමට සනත් ජයසූරිය සහ රොෂාන් මහනාම සමත්වූ අතර අවසන් වරට 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේ දෙවැනි දිනය පුරා පන්දුවට පහරදීමට කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සමත්වූහ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

නවසීලන්තය සමග පැවැත්වෙන තරඟ තුනකින් යුත් ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය අද (17) තෙවැනි දිනයට අත්හිටුවන විට, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට කඩුළු 03 ක් දැවි ලකුණූ 20 ක් ලබා සිටියේය.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා කැඳවීම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවට සහ කල් තැබීමට කටයුතු කරන බවට පළවන මාධ්‍ය ප්‍රචාර අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ  කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි. 

මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූ ලිපිය පහතින් දැක් වේ. 

Sri Lanka Cricket Election Sinhala letter 1

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

චාමික කරුණාරත්නගේ විශිෂ්ට පන්දු යැවීමත් කමිඳු මෙන්ඩිස්ගේ සටන්කාමී පිතිහරඹයත් හේතුවෙන් ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශය කඩුලු 4කින් පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත්විය.

MirrorGames.lk © 2019

Search