Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

මේ වසරේ පැවැත්වීමට නියමිත 2019 අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරා ගැනෙන ඉන්දීය සංචිතයට මහේන්ද්‍ර සිං දෝනි අනිවාර්යෙන් ඇතුළත් විය යුතු බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇතැයි වාර්තා වේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කණිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති රන්ජිත් මධුරසිංහ මහතා ඇතුලු සෙසු සාමාජිකයින් අද (08) දින ගරු විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතින් පත්වීම් ලිපි ලබා ගන්නා ලදි.

ජාතික මට්ටමේ 15, 17, 19  න් පහළ හා 23 න් පහළ කණ්ඩායම් මෙන්ම පළාත් කණ්ඩායම්  හා සංචිත තේරිමේ වගකීම මෙම කමිටුවට පැවරී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කණිෂ්ට තේරීම් කමිටුව

සභාපති - රංජිත් මධුරසිංහ මහතා

සාමාජිකයින්                   

රන්ජන් පරනවිතාන මහතා

ගජබා පිටිගල මහතා

නිශාන්තන් මහතා

කේ.එච් නන්දසේන මහතා

ගාමිණී වික්‍රමසිංහ මහතා

ඩිල්ශාන් ද සිල්වා මහතා

නිලන්ත රත්නායක මහතා

එෆ්. මහරූෆ් මහතා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ මෙන්ම එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද ඉදිරියේදී වෙනස් කිරීමට නියමිතව ඇති අතර දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ සිට අදාළ වෙනස්කම් සිදුකිරීමට නියමිතව තිබේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට තහවුරුවීම හේතුවෙන් මේ වනවිට තාවකාලික ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක්ව සිටින අකිල ධනංජය ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා විද්‍යායතනයේදී ලබා දුන් පරීක්‍ෂණයේ ප්‍රතිඵල එළැඹෙන පෙබරවාරි 17 වැනිදාට පෙර ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග කියයි.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ක්‍රීඩා තරගවලට ඉදිරිපත් වන සියලුම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනිවාර්යෙන්ම වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පෙනී සිට යෝග්‍යතාවය සම්බන්ධ වාර්තාවක් ලබා ගත යුතු බවට රජය තීරණය කර ඇත.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග මාර්තු මාසයේදි පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි  20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කඩුළු 05 ක් දවා ගැනීමට සමත් වුවහොත් අන්තර්ජාතික විස්සයි 20 ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වීමට වරම් හිමීවනු ඇත.

MirrorGames.lk © 2019

Search